-2.1 C
New York

කොරෝනා ආරම්භය සොයන්න විද්‍යාඥයෝ චීනයට යති

Published:

කොවිඩ් – 19 රෝගයේ මූලාරම්භය පිළිබඳ විමර්ශන ආරම්භ කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වතුන් කණ්ඩයමක් චීනයේ වුහාන් නගරය වෙත ගොස් තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා චින රජය අතර මාස ගනනක සාකච්ඡා වලින් පසු මෙම පරීක්ෂණය සඳහා චීනය ඒකඟ විය.

විද්‍යාඥයින් 10දෙනකු චීනය වෙත ගොස් සිටින අතර පර්යේෂණ ආයතන, රෝහල් සහ මුහුදු ආහාර වෙළඳපොලේ පුද්ගලයන් සමග සාකච්ඡා කිරීමට සැලසුම්කර ඇති බව ඔවුහු පවසති. කෙසේවුවද චීන බලධාරීන් විසින් සපයන සාම්පල සහ සාක්ෂි මත පර්යේෂණය රඳා පවතින බව පැවසේ.

පර්යේෂණ ආරම්භ කිරීමට පෙර ඔවුන් සති දෙකක් නිරෝධායනය විය යුතුව ඇත.

පර්යේෂණ කණ්ඩායමේ නායක පීටර් බෙන් ඒම්බරෙක් සංචාරයට පෙරාතුව ඒ්ඒෆ්පී ප්‍රවෘත්ති ඒ්ජන්සියට පවසා ඇත්තේ,

“මෙම මූලික මෙහෙයුමේදී අපට පැහැදිලි සාක්ෂි ලැබෙනු ඇතැයි මම නොසිතමි. නමුත් අපගේ කාර්යය දිගටම කරගෙන යන්නෙමු. සිදුවූයේ කුමක්ද යන්න ගැන පූර්ණ අවබෝධයක් ලබාගැනීම මෙහි අරමුණයි.” යනුවෙනි.

වුහාන් යනු පළමු වරට කොරෝනා පොකුර හඳුනාගත් ස්ථානය වුවද වෛරසය ඇතිවූ ස්ථානය නොවන බවට චීනය දිගින් දිගටම කියා සිටියේය.

Related articles

Recent articles

spot_img