කොරෝනා ආසාදනය වූ තමන් සෞඛ්‍ය වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ උපදෙස් පිළිපදිනවා හැර වෙනත් කිසිම පැණියක් හෝ දේශීය ඖෂධයැයි කියන ද්‍රව්‍ය වට්ටෝරු භාවිතා නොකළ බවත් තමන්ගේ නම යොදා ගනිමින් ඇතැම් පුද්ගලයන් විවිධ නිෂ්පාදන ප්‍රචාරය කිරීමට ගන්නා උත්සාහය නොරැවටෙන ලෙසත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඉල්ලා සිටියි.
ඔහු මේ බව කියා සිටියේ රාවණ පැණිය යුනවෙන් හඳුන්වාගන්නා නිෂ්පාදනයක් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කොරෝනා ආසාදනය වූ පසු ලබාදුන් බවට එම පැණියේ නිෂ්පාදකයැයි කියා ගත්නා පුද්ගලයකු කරන ප්‍රචාරයක් පිළිබඳ විමසූ අවස්ථාවේ දී ය.
අමාත්‍යවරයා පවසන්නේ කොරෝනා ආසාදිතව සිටින තමන් හෝ මේ වනවිට නිරෝධායනයේ සිටින තම පවුලේ කිසිවෙකු හෝ මෙවැනි පැණියක් හෝ බෙහෙත් වට්ටෝරුවක් භාවිතා නොකළ බවයි. තමන් සහ තම ආශ්‍රිතයන් වීමෙන් අවදානමට ලක්ව සිටින පිරිස වෛද්‍ය උපදෙස් අනුව පමණක් කටයුතු කරන බව ද හෙතෙම අවධාරණය කරයි.
එසේ වුව ද තමන් එවැනි පානයක් ලබාගත් බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන දේශීය වෛද්‍යවරයකු යැයි කියාගන්නා පුද්ගලයකු ඔහුගේ පැණියක් ලබාදීම සඳහා තමන් සම්බන්ධ කරගැනීමට කිහිප අවස්ථාවක දී ම උත්සාහ ගත් බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.