spot_img
spot_imgspot_img

ගාල්ලේ කොරෝනා මළ සිරුර රජයේ වියදමින් ආදාහනයට

පුවත්

විදෙස්

ගාල්ලේ ගිං‍තොට පදිංචිව සිටිය දී අඟහරුවාදා (12) රාත්‍රී නිවසේ දී ම මියගිය පුද්ගලයකුගේ මළ සිරුර අද (14) උදෑසන රජයේ වියදමින් අක්මීමණ කුරුඳුවත්ත ආදාහනාගාරයේ දී ආදාහනය කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස මියගොස් ඇත්‍තේ 56 හැවිරිදි සිව් දරු පියෙකි. ඔහු නිදන්ගත රෝගවලින් පීඩා විඳි අයකු බවත් අඟහරුවාදා සවස හුස්ම ගැනීමේ අපහසුතාවලින් පෙළෙමින් සිට එදිනම රාත්‍රී නිවසේ දී මියගොස් ඇති බවත් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක එන්.ජී.බී.කරුණාතිලක පවසයි.

කොරෝනා ආසාදිත මළ සිරුරු ආදාහනය කළ යුතු බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර ඇති චක්‍රලේඛය අනුව මෙම සිරුර ආදාහනය කිරීමට කටයුතු කරන බව ඥාතීන්ට දැනුම් දීමෙන් පසු ආගමික විශ්වාසය අනුව ඥාතීන් විසින් සිරුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ හේතුවෙන් රජයේ වියදමින් සිරුර ආදාහනය කළ බව බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!