spot_img
spot_imgspot_img

ගාලු ගිය රතුපාට බසයේ ගියානම් නිරෝධායනය වෙන්න

පුවත්

විදෙස්

කොළඹ පිටකොටුව පුද්ගලික බස් නැවතුමේ සිට ඊයේ (13) සවස 5.00ට ගාල්ල බලා ඒමට පිටත්වූ රතු පැහැති සුඛෝපභෝගී බස් රථයක ගමන් කළ සියළු දෙනා නිරෝධායනයට යොමු විය යුතුයැයි සෞඛ්‍ය අංශ පවසයි.

නිරෝධායනයට ගෙන යමින් සිටි බසයෙන් පැන ගිය ගාල්ල බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි පුද්ගලයා එම බසයෙන් කොළඹ සිට ගිංතොට පාලම අසළට පැමිණ ඇති බව හෙළිවී තිබේ.

බස් රථයේ දී තමන්ට ප්‍රවේශපත්‍රයක් නොදුන් බව ඔහු පවසා ඇත. එබැවින් මෙතෙක් බසය සොයාගත නොහැකි වූ බව ද සෞඛ්‍ය අංශ කීවේය.

මෙම පුද්ගලයා කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබිය දී ඔහු වායු සමනය කළ බසයක පැමිණීමෙන් එහි රියදුරු, කොන්දොස්තර ඇතුළු ගමන් කළ සියළුම දෙනා අවදානමකට ලක්ව ඇති බැවින් ඔවුන් හැකි ඉක්මණින් තම නිවෙස්වල ම නිරෝධායනය වන ලෙසත් ඒ බව සෞඛ්‍ය අංශ වෙත් දැනුම් දෙන ලෙසත් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!