රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පසුගියදා ප්‍රිය සම්භාෂණයක් පවත්වා ඇති අතර ඊට සහභාගී වූ වෛද්‍යවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊයේ (13) තහවුරු වී තිබේ.
එම සාදයට පාදෙණියගේ හිතවත් පවුල් තුනක සාමාජිකයන් හා හිතවතුන් 20දෙනකු පමණ සහභාගී වී ඇතැයි තොරතුරු වාර්තා වෙයි. කොරෝනා ආසාදනය වී ඇත්තේ මිනුවන්ගොඩ උග්ගල්ගොඩ පදිංචි වෛද්‍යවරයකුටය.
මේ හේතුවෙන් එදින සාදයට සහභාගී වූ සියලුදෙනා නිරෝධායනයට ලක්කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රාදේශී්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අනුජ ප්‍රනාන්දුගෙන් ලැබුණු උපදෙස් අනුව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඊයේ (13) රාත්‍රී 7.45ට වෛද්‍ය පාදෙණියගේ නිවසට ගොස් ඔහු නිරෝධායනය සඳහා යොමු කිරීමට උත්සාහ ගත්ත ද එය අසාර්ථක වී තිබේ. නිවසේ විදුලි පහන් නිවා දමා ගේට්ටුව වසා දැමූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. ඔවුන් ඒ බව කැලණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වෙත දැනුම් දී ඇති අතර අද (14) උදෑසන වෛද්‍ය පාදෙණිය නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසයි.
මූලාශ්‍රය – http://colombotimes.lk/