ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවකුට කොරෝනා ආසාදිත වී ඇතැයි ප්‍රදේශය පුරා පැතියන ආරංචිවල සත්‍යතාවක් නැතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඇතැම් පිරිස් පවසන්නේ සිසුවකුට කොරෝනා ආසාදනය වී ඇති බැවින් රිච්මන්ඩ් විද්‍යාලය අද (13) විෂබීජහරණය කළ බවයි.
සෞඛ්‍ය අංශ පවසන්නේ සිසුන්ට කොරෝනා ආසාදනය වී නොමැති අතර සිසුන් දෙදෙනකු කොරෝනා ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් වූ බැවින් ඔවුන්ගේ පන්තිකාමර පමණක් විෂබීජහරණය කර ආශ්‍රිතවූවන්ට ද අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කළ බවයි.
මෙලෙස ආශ්‍රිත වූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙක් බෝපේ පදිංචිකරුවෙකි. එම සිසුවාගේ බාප්පා කෙනෙකු ඔහුගේ නිවසට පැමිණ සැළකිය යුතු වේලාවක් එහි ගත කර රාත්‍රී ආහාරය ද ගෙන ඇති බවත් ඔහු කොළඹ දී ආසාදිත යැයි තහවුරු වී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි. මෙම සිසුවාගේ පියා වෛද්‍යවරයෙකි. නිවැරදි තොරතුරු නොදන්නා ඇතැම් පිරිස් පවසන්නේ එම වෛද්‍යවරයා හා බිරිඳ ආසාදනය වී ඇති බවයි. සෞඛ්‍ය අංශ වෙතින් ඒ පිළිබඳ විමසීමේ දී ඔවුන් ආසාදිත වී නැතැයි තහවුරු කළේය. එම සිසුවා ඊයේ (12) දිනයේ දී ද පාසලට පැමිණ තිබිණි.
අද (13) පාසලට පැමිණි සිසුවකු විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටිය දී ඔහුගේ මව කොරෝනා ආසාදිත බව පෙර දිනයේ කළ පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. ඒ බව දැනගත් වහාම සිසුවා පාසලෙන් ඉවත්කර නිරෝධායනයට යොමු කර ඇත.
පාසලේ ප්‍රකාශකයකු කියා සිටියේ මෙම සිසුන් දෙදෙනා පාසලේ පන්ති කාමර කිහිපයකටම ගොස් විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් සම ද මුසුවී ඇති බවයි.
පාසලට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විද්‍යාලයට දැනුම් දී තිබුණේ මෙම සිසුන්ට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී නොමැති බැවින් හා ඔවුන්ට ආශ්‍රිතයන් වී ගත වූ කාලය අනුව ආසාදිතයන් වී තිබීමට ඇති අවස්ථාව ඉතා අවම බැවින් රිච්මන්ඩ් විද්‍යාලයීය පරිශ්‍රය, විදුහලේ සිසුන් හා ගුරු මණ්ඩලය අවදානම් තත්ත්වයක නොමැති බවයි. කෙසේ වෙතත් ඔවුන්ගේ පන්ති විෂබීජහරණය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබිණි.
මේ අතර විද්‍යාලයේ නේවාසිකාගාරයට පැමිණ සිටි සිසුන් ද අද (13) යළි නිවෙස්වලට යැවීමට කටයුතු කර තිබිණි.