ගාල්ලේ සිදුවූ 05 වැනි කොරෝනා මරණය අද (13) බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ගිංතොට ප්‍රදේශයෙන් වාර්තා විය. මෙසේ මියගොස් ඇත්තේ 56 හැවිරිදි වියේ පසුවන සිව් දරු පියෙකු යැයි ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂ එන්.ජී.බී.කරුණාතිලක පවසයි.
ඔහු ඊයේ (12) රාත්‍රී සිය නිවසේ දී මියගොස් ඇති අතර දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ඒමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් කොරෝනා ආසාදනය වී සිටි අයකු බව තහවුරු වී තිබේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම තැනැත්තා නිරෝධානය වෙමින් සිටි පුද්ගලයකු ද නොවන බවයි. ගිංතොට ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වූ අතර මේ වනවිට එම ප්‍රදේශයෙන් වාර්තා වූ දෙවැනි මරණය මෙයයි. මීට පෙර ජනවාරි 01 වැනි දා නිවසේ දී ම මියගිය 74 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදිත බව පසුව හඳුනා ගැණිනි. නිවසේ දි මියගිය පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු වීමත් බහුලව ආසාදිතයන් හමුවන අවදානම් ප්‍රදේශයක් වීමත් හේතුවෙන් ගිංතොට සහ මහහපුගල ප්‍රදේශවල පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට කටයුතු කළ ද ප්‍රදේශවාසීන්ගෙන් එයට ප්‍රමාණවත් සහයෝගයක් නොලැබුණු බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම මරණයත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 05ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මීට පෙර මිලිද්දුව, දෙද්දුගොඩ, අහුංගල්ල සහ ගිංතොට ප්‍රදේශවලින් මරණ වාර්තා වී තිබේ.