පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු 05 දෙනකු අද (13) මඩකලපුව මහාධිකරණයේ දී නිදහස් කෙරිණි.
දෙමළ ජාතික සංවිධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් 2005 දෙසැම්බර් 25 වැනි දින රාත්‍රී මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ දේව මෙහෙය අතරතුර දී ඝාතනයට ලක්විය. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගෙන වසර 04ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය. පසුගිය නොවැම්බර් 24 වැනි දින ඔහුට ඇප හිමිවිය.
එම ඝාතනය සම්බන්ධ නඩුව පසුගිය 11 වැනි දා මඩකලපුව මහාධිිකරණ විනිසුරු ඩී.සුසයිදාසන් ඉදිරියේ දී විභාගයට ගැණුනු අවස්ථාවේ දී නීතිපති වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා අධිිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුව ඉදිරියට ගෙනයාමට අදහසක් නොමැති බවයි.
ඒ අනුව අද (13) වැනි දින තීණ්දුව දැනුම් දෙන බව මහාධිකරණ විනිසුරුවරයා කීවේය. අද එම තීන්දුව ප්‍රකාශයට පත්කළ මඩකලපුව මහාධිකරණ විනිසුරුවරයා චෝදනා ලැබ සිටි සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු 05 දෙනකු නිදහස් කළේය.