එංගලන්තයෙන් වාර්තා වූ කොරෝනා නව ප්‍රබේදය මෙරටට පැමිණි පුද්ගලයකුගෙන් හඳුනාගත් බව සෞඛ්‍ය ආමාත්‍යාංශයේ වසංගත රෝග ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ විදේශ රවටල සිට පැමිණෙන පුද්ගලයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් කරන ලද පර්යේෂණයකින් මේ බව තහවුරු වූ බවයි. එංගලන්ත නව වයිරස ප්‍රබේදය වාර්තා වී ඇති පුද්ගලයා පසුිගය දිනවල එංගලන්තයේ සිට මෙරටට පැමිණි අයෙකි.
විශේෂඥ වෛද්‍ය සමරවීර පවසන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මේ පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක නිරතව සිටින බවයි. මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු එම පර්යේෂකයන් පිරිස විසින් කරන ලද ජාන සංයුති අධ්‍යයනයකින් එම පුද්ගලයාගේ ඇත්තේ එංගලන්ත නව වයිරස ප්‍රබේදය බව හඳුනාගෙන තිබේ.
විශේෂඥ වෛද්‍ය සමරවීර වැඩිදුරටත් මෙසේ ද පවසයි.
“මේ අවස්ථාවේ එංගලන්තයේ සිට පැමිණි කොරෝනා ආසාදිත අයකුගෙන් එංගලන්ත නව ප්‍රබේදය හඳුනාගෙන තිබෙනවා. අපි දැන් දන්නවා මේ අවදානම අපේ රට තුළට තිබෙන බව. මේ නව ප්‍රබේදය කලින් අපේ රටේ තිබුණු පරණ වෛරස් ප්‍රබේදයට සාපේක්ෂව රෝගය වේගයෙන් පැතිරෙන්න හේතුවෙනවා. නමුත් රෝගය උත්සන්න වීම අඩුයි. නව ප්‍රබේදයේ පැමිණීම සමඟ වාර්තාවන රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඊට සමානුපාතිකව රෝගය උත්සන්න වන ප්‍රමාණයත් රෝගයෙන් මියයන ප්‍රමාණයත් වැඩි වෙන්න පුළුවන්.”