spot_img
spot_imgspot_img

ගාල්ලේ දොස්තර පාටියේ තවත් දෙදෙනකුට කොරෝනා

පුවත්

විදෙස්

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකුගේ උපන්දිනය වෙනුවෙන් බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ නිවසේ පැවැත්වූ සාදයට සහභාගී වෙමින් එහි ඡායාරූපගත් කැමරා ශිල්පියකුට හා හල්පාතොට පදිංචිකරුවකුට කොරෝනා ආසාදනය වී ඇතැි අද තහවරු වී තිබේ.

මෙම සාදයට බද්දේගම නගරයේ වෙළෙඳ සංගමයේ සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වූ බව ද වාර්තා වේ. ප්‍රියසම්භාෂණ ඇතුළු උත්සව නොපවත්වන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබිය දී එවැනි අවස්ථාවන් පිළිබද වඩාත් සුපරික්ෂාකාරී වෙමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායන් පිළිබඳ ප්‍රදේශයක නිසි බලධාරියා වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් එම සාදයට සහභාගී වූ තිදෙනකු දැනටමත් කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇත.

ආදාල වෛද්‍යවරයාට කරන ලද පීසීආර් පරීක්ෂණය හා රැපිට් ඇන්ටිජන් පරීක්සණයෙන් සනාථ වී ඇත්තේ එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ආසාදිතයකු නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!