spot_img
spot_imgspot_img

මාතර ආසිරි රෝහල පරීක්ෂණවලට එකඟ‍ වෙයි

පුවත්

විදෙස්

මාතර ආසිරි රෝහල හෙට (13) උදේ 8.00 ට වසා සියලුම සේවක සේවිකාවන් පී.සී.ආර්. පරීකෂණ රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකළ යුතු බව මාතර නගරාධිපති රංජත් යසරත්න දැනුම් දි තිබේ.

මෙම එකඟතාවට එළැඹ ඇත්තේ මාතර දිසාපති ප්‍රදීප් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ කොරෝනා පාලන කමිටු රැස්වීමක දී ය.

එම රැස්වීම සඳහා ආසිරි රෝහලෙන් සහභාගී වූ නියෝජිතයන් ප්‍රකාශ කර ඇත්තේ හෙට (13) උදෑසන 8.00 ට රෝහල වසා සම්පූර්ණයෙන් විෂබීජහරණය කරන අතර සියලුම සේවක සේවිකාවන් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරන බවයි.

මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය නිලධාරීන් ද මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම රැස්වීමට සහභාගී වූහ.

මෙම රෝහලේ පරිපාලනය විසින් නීරෝධායන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හෙට (13) දහවල් 12.00 ට පෙර ආසිරි රෝහලේ උයන්වත්ත ශාඛාවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොගන්නේ නම් නගරසභාවේ සේවකයින් සමග වැඩ වර්ජනයක් සිදු කරන බව මාතර නගරාධිපතිවරයා මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්ට දැනුම් දුන්නේය.

ඒ සදහා මාතර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් ද සහාය ද ලැබී ඇතැයි දැනගන්නට තිබේ.

අදාල රෝහලේ හිතුවක්කාරී හැසීරීම සම්බන්ධ කරුණු නගරාධිපතිවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව දන්වා යවන ලදි.

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!