-2.1 C
New York

මැලේසියාවේ හදිසි තත්ත්වයක්

Published:

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මැලේසියාව විසින් රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මැලේසියාවේ රජු වන අල්-සුල්තාන් අබ්දුල්ලා විසින් නිකුත් කර ඇති නිවේදනයකින් මේ බව දන්වා ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ හදිසි නීතිය අගෝස්තු 01දක්වා බලාත්මක වන බවයි.

අග්‍රාමාත්‍ය මුහයිඩීන් යසීන්ගේ ඉල්ලීම පරිදි හදිසි නීතිය පැනවූ බවද හෙතෙම සඳහන් කර ඇත.

දැඩි අගුලු දැමීමේ පියවර මගින් මැලේසියාවේ, පසුගිය වසර පුරා කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇති නමුත් එම පියවරයන් ලිහිල් කිරීමත් සමග රෝගීන් වාර්තාවීම තියුණු ලෙස ඉහල ගොස් තිබේ.

මැලේසියාවේ මේ වනවිට කොරෝනා රෝගීන් 138,224ක් වාර්තාවී ඇති අතර මරණ 555ක් සිදුවී තිබේ.

කෙසේ වුවද බොහෝ විචාරකයින් පවසන්නේ රජු හදිසි නීතිය පැනවූයේ දේශපාලන හේතූන් ඉලක්ක කරගෙන බවයි.

හදිසි නීතිය පැනවීමෙන් පසු රජය දුර්වල වන ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව අත්හිටුවීමට අග්‍රාමාත්‍යවරයාට අවසර ලැබෙයි. එමගින් සුළුතර බලයකින් පත්වී සිටි අග්‍රාමාත්‍යවරයාගේ රජයට බලය තහවුරු කර ගැනීමට ඉඩ ලබාදෙන බව පැවසේ.

කෙසේවුවද මේ සම්බන්දව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මුහයිඩීන් මහතා පවසා ඇත්තේ එදිසි නීතිය පැනවීම යනු හමුදා කුමන්ත්‍රණයක් නොවන බවයි. ඇඳිරි නීතිය බලාත්මක නොකරන බවත් කොරෝනා වසංගතය පාලනය වූ පසු මහ මැතිවරණය පවත්වන බවත් ඔහු පවසා ඇත.

හදිසි නීතිය මගින් අතිරේක හමුදා සහ පොලිසිය යෙදවීමට රජයට ඉඩ ලබාදෙන අතර පෞද්ගලික රෝහල් රජයට පවරා ගැනීමට ද හැකියාව ලැබේ.

https://www.bbc.com/news/55625448

Related articles

Recent articles

spot_img