spot_img
spot_imgspot_img

කොරෝනා මරණ 08ක විස්තරය

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන් 08 දෙනකුගේ තොරතුරු ඊයේ (12) රාත්‍රී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ජනවාරි 06 වැනි දින වැලිකඩ බන්ධනාගාර රැඳවියකු වන 52 හැවිරිදි පිරිමි පුද්ගලයකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් සිට ඇත. ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.

ජනවාරි 07 වැනි දින රාජගිරියේ පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොළඹ පෞද්ගලික රෝහලකට ගෙන යනවිටත් මියගොස් සිටි බව සඳහන් වේ . ඔහු කොරෝනා නිව්මෝනියා තත්ත්වය හා උග්‍ර වූ දියවැඩියාව හේතුවෙන් මරුමුවට පත්ව ඇත.

ජනවාරි 08 වැනිදා තවත් පුද්ගලයන් මට්ටක්කුලිය පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.

කොලඹ 12 පදිංචි 36 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී ජනවාරි 08 වැනි දා මියගොස් සිටි බව සඳහන් වේ. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා නිව්මෝනියාව සහ අපස්මාරයයි.

කොළඹ 14 පදිංචි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරු කර යවා සිටිය දී 10 වැනි දා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි 70 හැවිරිදි කාන්තාවක් කළුතර මහ රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරුකර යවා සිටිය දී ජනවාරි 10 වැවනි දා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා නිව්මෝනියාව සමඟ උග්‍ර වූ වකුගඩු රෝගයයි

දකුණු කළුතර පදිංචි 67 හැවිරිදි පිපරිමි පුද්ගලයෙක් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ජනවාරි 1 මියගොස් ඇත. මරණය හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා නිව්මෝනියාව සහ ලේ විෂවීමයි.

කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා ආසාදිත බව දැන වැලිකන්ද මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී ජනවාරි 11 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා නිව්මෝනියාව සමඟ ලේ විෂවීමයි.

මේ අනුව දැනට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනයෙන් මියගිය බවට තහවුරු කර ඇති මරණ සංඛ්‍යාව 240ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!