spot_img
spot_imgspot_img

දෙමළ හැකි නීතිඥවරු පොලිසියට පත්කිරීමේ යෝජනාවක් අලි සබ්‍රිගෙන්

පුවත්

විදෙස්

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පොලිස් දෙපාර්තමේන්තුව මගින් මහ ජනතාවට නීතිමය වශයෙන් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම ලෙස ලබාදීමේ අරමුණින් පොලිස් දෙපාර්තමේන්තුව සදහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥයින් 150 දෙනෙකු බදවා ගැනීමට තීරණය කර තිබේ.

ඒ පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි ගේ ප්‍රධානත්වයෙන් අද අධිකරණ අමාත්‍යාංශයේදි පැවති අතර එම සාකච්ඡාව සදහා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර ,ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස් එක්ව සිටියහ.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව අදාළ සම්මුඛ පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ඔවුන් පොලිස් සේවයට බදවා ගැනීමට නිමිත අතර දක්ෂතාවය අනුව උසස්වීම් ලබා ගැනීමේ හැකියාව පවතියි.

බදවා ගැනීමෙන් පසු දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි ඔවුන් සේවයට අනුයුක්ත කිරීමට නියමිත අතර ඔවුන්ට නීතිය හා පොලිස් සේවය පිළිබදව විශේෂ පුහුණුවීම් ලබාදීමට නියමිතය. එම පුහුණුවීම් ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව ද එකග වී ඇත.

නීතිය ජනතාවට තවදුරටත් සමීප කරවීම, පොලිස් දෙපාර්තමේන්තුව හරහා සිදු වන නීතිමය කටයුතු තවදුරටත් විධිමත් පරිදි සිදු කිරීම මෙහි අරමුණ බව අධිකරණ අමාත්‍යවරයා පවසයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස බදවා ගනු ලබන මෙම නීතීඥවරුන් දෙමළ භාෂාව පිළිබදව විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකම් ලෙස සලකා බැලිය යුතු බවත්, ඒ තුළින් දෙමළ භාෂාව කථා කරනු ලබන ජනතාව දිනා ගැනීමේ හැකියාව පවතිව බවත් අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

තාක්ෂණය පිළිබදව දැනුම ඔවුන්ට පැවතීම අවශ්‍ය වන අතර අදාළ පුහුණුවීම් නිම වීමෙන් අනතුරුව ඔවුන්ව සේවා අවශ්‍යතාවයන් අනුව අනුයුක්ත කිරීමට නියමිතව තිබේ.

(newswire)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!