කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් සංචරණය සීමා පනවා ඇති ප්‍රදේශවල ජනතාවට දළදා මාළිගාව වන්දනා කිරීමට අවසර නොදුන්න ද කොරෝනා අධි අවදානමක් හේතුවෙන් වසා දමා ඇති යුක්‍රේනයේ සංචාරකයන් 195 දෙනකු අද (11) දළදා මාළිගාවට පැමිණ සිටියහ.
සුඛෝපභෝගී බස් රථ 04කින් පැමිණි ඔවුන් දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩ ඇති ස්ථානයෙන් ඇතුළු නොකර පසෙකින් ඇති වෙනත් දොරටුවකින් ඇතුළු කර ඇතැයි සංඝයාවහන්සේලා චෝදනා කරති.
මේ පිළිබඳ දළදා මාළිගාවේ දී දැඩි විරෝධයක් මතුවී තිබිණි.
ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණෙන දේශීය බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා යුක්‍රේන සංචාරකයින් වෙනම ස්ථානයකින් ප්‍රවේශවීමට පහසුකම් සලසා දී තිබු බව දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය පවසයි.
කෙසේවෙතත් සංචාරකයින්ගේ පැමිණීම හේතුවෙන් දේශීය බැතිමතුන් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි පවසමින් පූජ්‍ය ලේවැල්ලේ ධම්මාලංකාර හිමියන් සිය විරෝධය දැක්වීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,
“මේ ලංකාවේ කට්ටිය එතකොට මේ කට්ටිය කිසිම නිරෝධායන ඇඳුමක් නැහැ. මේ වටේ ඉන්නේ අපේ රටේ අහිංසක මිනිස්සු. මේ මිනිස්සුන්ට මේ රෝගය හැඳුනොත් වගකියන්නේ කවුද ? දළඳා මාලිගාවට කැඳවන්නේ නැහැ කියලා කියපු වේලාවක් මේක. එතකොට මේ අය මල්වතු මහ විහාරයට, අස්ගිරි මහ විහාරයට සියල්ලටම බොරුකරලා මේ එක්කරන් යන්නේ. වාහනවල ඉන්න රියදුරන් ඉන්න විදිහ බලන්න. මේ අය කිව්වා ආරක්ෂක ඇඳුම් ඇඳගෙන ඉන්නේ කියලා ඒත් කිසිම දෙයක් නැහැ.“



https://web.facebook.com/JATHIKASUDHUVANPERAMUNA/videos/3395390990571178/