රෝහලේ සියලු කාර්ය මණ්ඩල සඳහා පීසීආර් පරීක්ෂණ පවත්වා අවසන් වනතුරු රෝගී සත්කාරක සේවා සියල්ල වහාම ක්‍රියාතමක වන පරිදි නවතා දමන්න යැයි මාතර නගරාධිපති රංජිත් යසරත්න අදි පුද්ගලික රෝහලකට නියෝග කළේය.
මෙම නියෝගය කර ඇත්තේ මාතර මහ රෝහල ආසන්නයේ පිහිටි පුද්ගලික රෝහකටය. ඒ අනුව කාර්ය මණ්ඩලයට පීසීආර් පරීක්ෂණ පවත්වන තුරු එම රොහලේ විශේෂඥ වෛද්‍ය සේවා, නේවාසික ප්‍රතිකාර, බාහිර රෝගී ප්‍රතිකාර ඇතුළු සියලු සේවා නවතා දැමිය යුතුය.
කොරෝනා ආසාදිත වූ වෛද්‍යවරයකු මෙම රෝහලේ පුද්ගලික වෛද්‍ය සේවා සඳහා පැමිණ ඇත. එම වෛද්‍යවරයා ආසාදිත බව වාර්තාවීමෙන් පසු පුද්ගලික රෝහලේ සේවක සේවිකාවන් කිහිප දෙනකු ආසාදිත බව වාර්තා වී ඇත. එසේ වුව ද රෝහලේ පාලන අධිකාරිය විසින් එම ආසාදිතයන් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අංශවලින් වෙත ලබා නොදී වසන් කිරීම හේතුවෙන් එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ඇතුළු විශාල පිරිසක් අවදානමට ලක්ව ඇතැයි නගරාධිපතිවරයා පවසයි.
පෞද්ගලික රෝහල සෞඛ්‍ය නීති කඩ කිරීම හේතුවෙන් මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට සිදුවූ බවත් ඔවුන් එය තවදුරටත් කඩ කරන්නේ නම් හෙට (12) දිනයේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර රෝහල වසා තැබීමේ නියෝගයක් ගෙන නඩු පැවරීමට කටයතු කරන බවත් නගරාධිපතිවරයා පවසයි. පුද්ගලික රෝහලක වගකීම් විරහිත කටයුතු හේතුවෙන් මාතර නගරය හුදකලා කළ නොහැකි බැවින් මේ රෝහල සම්පූර්ණයෙන් ම විෂබීජහරණය කර සාමාන්‍ය කටයුතු සඳහා විවෘත කිරීමට උපදෙස් දුන් බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.
මේ පිළිබඳ නගරාධිපතිවරයා සෞඛ්‍ය අංශ වෙත සහ පොලිසිය වෙත ද ලිඛිතව තොරුතුරු දැනුම් දී ඇත.