-2.1 C
New York

ගින්නකට හසුවී බිළිඳුන් 10ක් මරුට

Published:

ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භන්දාරා දිස්ත්‍රික් රෝහලේ ඇතිවූ ගින්නකින් අලුත උපන් බිළිඳු දරුවන් 10 දෙනකු මියගොස් තිබේ.

බලධාරීන් පවසන්නේ ගිනි නිවන භටයන් විසින් දරුවන් 07දෙනකු බේරාගෙන ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින බව පළාත් බලධාරීහු පවසති.

වාට්ටුව තුළ දිගින් දිගටම සිදුවූ පිපිරීම් හේතුවෙන් ගලවා ගැනීමේ කටයුතු වලට බාධා එල්ලවූ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.

රාජකාරියේ යෙදී සිටි හෙදියක් පවසා ඇත්තේ බිළිඳුන් සිටින සත්කාර ඒකකයෙන් දුමාරයක් පිටවෙනු දැක බලධාරීන් දැනුම්වත් කළ බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එම සිදුවීම “හද කම්පා කරවන ඛේදවාචකයක්” බවයි. ශෝකයට පත්වූ ඥාතීන් වෙනුවෙන් සිය කණගාටුව පල කරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයාද ඔවුන්ගේ ශෝකය පල කරමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.

https://www.bbc.com/news/world-asia-india-55599672

Related articles

Recent articles

spot_img