-2.1 C
New York

ඉන්දුනීසියා ගුවන් යානයක් අතුරුදන්

Published:

ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා සිට ගුවන්ගතවූ මගීන් 50දෙනකුට වැඩි පිරිසක් රැගත් ගුවන් යානයක් අතුරුදන්වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

බටහිර කාලිමන්තන් පළාතේ පොන්තියානාක් බලා ගමන්ගත් ශ්‍රීවිජය ගුවන් සමාගමට අයත් බෝයිං 737 වර්ගයේ යානයක් මෙලෙස අතුරුදන්ව තිබේ.

යානය මීටර් 3,000කට වඩා වැඩි උසකින් ගමන් කරමින් සිටියදී ප්‍රධාන පාලක මැදිරිය සමග සබඳතා බිඳවැටුණු බව ඉන්දුනීසියා බලධාරීහු පවසති.

එරට ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ සොදිසි කිරීම් හා මුදවාගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බවයි.

https://www.bbc.com/news/world-asia-55601909

Related articles

Recent articles

spot_img