කොරෝනා මළ සිරුරු භූමදානය සඳහා ඉඩ ලබාදෙන ලෙස වයිරසවෙදීන් කණ්ඩායමක් විසින් මෑතක දී භාරදුන් කමිටු වාර්තාව පිළිබඳ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් ප්‍රශ්නයක් මතුකළ විට එම වාර්තාව ප්‍රධාන කමිටුවට යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කීවාය. ඒ ගැන තවමත් තීරණයක් ගෙන නැතැයි ද ඇය පවසයි.
විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරාගේ සභාපතිත්වයෙන් යුතු ප්‍රධාන කමිටුවේ දී මේ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ද ඇමතිනිය කියයි.
අමාත්‍යවරිය මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ වයිරස විශේෂඥයන් රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හමුවී ඔවුන්ගේ මතය ප්‍රකාශ කළ අවස්ථාවක දී එය ලිඛිතවව ලබාගෙන එම මතය ප්‍රධාන කමිටුවට ලබාදුන් බවයි. මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ඇතුළු වයිරසවේදීන් කණ්ඩායම කමිටුවක් ලෙස පිළිගැනීමට ද ඇය සූදානම් බවක් පෙනෙන්නට නැත. වන්නිආරච්චි ඇමතිනිය එහිදී කියා සිටියේ
“ඒක අනුකමිටුවක්, අනුකමිටක් නෙවෙයි. ඒ අය හමුවෙලා කියලා තිබුණා. ඒ මතය අපි ලිඛිතව අරගෙන යොමු කරලා තියෙනවා. ප්‍රධාන කමිටුවෙන් අපිට තීරණයක් තවම ආවේ නැහැ.” යනුවෙනි.
එසේ වුවද මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ සභාපතිත්වයෙන් යුතු විශේෂඥ කමිටුවක් පත්කළ ලිපියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම කමිටුවේ සියලු සාමාජිකයන් වෙත යොමුකර තිබිණි. (එම ලිපිය පහත අමුණා ඇත)


පාර්ලිමේන්තුවේ දී එම කමිටුව කමිටුවක් ලෙස පිළිනොගන්නා සෞඛ්‍ය ඇමතිනිනය පවසන්නේ දැනට කොරෝනාවලින් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය කරන බවයි. එය පැහැදිලිව ම ක්‍රියාත්මක කරන බවවත්, සමාජයීය, ආගමික හෝ දේශපාලිනක හෝ වෙනත් පුද්ගලික හේතුවක් නිසා හෝ එම මතය වෙනස් නොකරන බවත් ඇය පවසයි.
(සෞඛ්‍ය ඇමති පවිත්‍ර්‍රා වන්නිආරච්චිගේ කතාව නරඹන්න)