ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවනේ කාන්තාවක් ඇතුළු 04 දෙනකු මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
නගරයේ ඇඳිරිනීතිය පනවා ඇති අතර කලහකාරීන් ඉවත්කරමින් පොලිසිය කොංග්‍රස් මන්ඩල ගොඩනැගිල්ලට ඇතුළු වී තිබේ. ප්‍රදේශයේ තත්ත්වය පාලන කිරීමට අතිරේක හමුදා බල ඇණි එවන ලෙස නගරාධිපතිවරයා මේරිලන්ඩ් හා වර්ජීනියා ප්‍රාන්තවලින් ඉල්ලීමක් කර තිබේ.
ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ කොංග්‍රස් ගෙඩනැගිල්ල තුළ තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සනාථ කිරීමේ රැස්වීම නැවත ආරම්භ කළ බවයි. මේ අවස්ථාවේ දී රිපබ්ලිකන් පාක්ෂික සෙනට් සභික බෙන් සැසේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අනුබල දීම පිළිබඳ ජනාධිපති ට්‍රම්ප්ට චෝදනා කළේය.
ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටින ජෝ බයිඩන්, ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන්ට කියා සිටියේ “පියවරක් පිටුපසට ගොස් ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙන යාමට ඉඩ ලබාදිය යුතුයි” යනුවෙනි. මෙය විරෝධතාවක් නොවන බවත් එය කැරැල්ලක් බවත් සඳහන් කළ ජෝ බයිඩන් ට්‍රම්ට කියා සිටියේ මේ වටලෑම අවසන් කරන ලෙස වහාම ඉල්ලා සිටින ලෙසයි.
ජෝ බයිඩන් එසේ කීව ද ට්‍රම්ප් එය පිළිගන්නා බවක් පෙනෙන්නට නැත. ඔහු කියා සිටියේ “මා දන්නවා ඔබ ඉන්නේ වේදනාවෙන්. ඔබට රිදාලා. මේ මැතිවරණය සොරකම් කරලා. හැම දෙනාම ඒක දනන්නවා. විශේෂයෙන් ම අනෙක් පැත්තේ අය. නමුත් ඔබ දැන් ගෙදර යා යුතුයි. මෙය වංචා සහගත මැතිවරණයක් වුවත් අපිට මේ මිනිසුන්ගේ අල්ලේ නැටවෙන්න බැහැ. අපට සාමය තිබිය යුතුයි.” යැයි ද කීවේ වීඩියෝවක් මුදාහරිමිනි.
ඇතැම් විරෝධතාකරුවන් ආයුධ සන්නද්ධව සිටින අයුරු ඡායාරූපවල දැක්විණි.
“ඔවුන් සැබවින්ම ඉන්නේ රට පැත්තේයි,” යැයි ලියූ ට්‍රම්ප් “සාමකාමී වන්න” යැයි කියා සිටියේය.
ඉන් අනතුරුව සාමකාමීව විසිර යන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමින් ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ නමුත්, මැතිවරණය “කොල්ල කෑ” බවට ජනාධිපතිවරයා යළිත් වරක් කරන ප්‍රකාශය හේතුවෙන් එය බෙදා ගැනීම සහ ප්‍රතිචාර දැක්වීම ට්විටර් ආයතනය මගින් අවහිර කොට තිබේ.
ට්විටර් සමාගම පවසන්නේ ජනාධිපතිවරයාගේ පණිවුඩය මගින් “ප්‍රචණ්ඩත්වය පිළිබඳ අවදානමක් පවතින” බවය.