බස්නාහිර පළාතේ මුඛ ආවරණ නොමැතිව සංචාරය කරමින් සිටි පුද්ගලයන්ට කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හා පීසීආර් පරීක්ෂණවලින් ආසාදිත පුද්ගලයන් 16 දෙනකු පසුගිය දින දෙකේ දී (05 සහ 06) හමුවී ඇත.
සෞඛ්‍ය අංශ පවසන්නේ මුඛ ආවරණ නොමැතිව සැරි සැරූ 700කට අධික පිරිසකගේ පීසීආර් පරීක්ෂණ තවදුරටත් ලැබීමට නියමිත බවයි.