-2.1 C
New York

ඉන්දියාවේ කුරුළු උණ පැතිරෙයි

Published:

කුරුළු උණ රෝගය පැතිරීම හේතුවෙන් ඉන්දියාව කුකුළු පවුලේ පක්ෂීන් දස දහස් ගනනක් මරා දැමීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව වල් පාත්තයින්, තාරාවුන් සහ කාක්කන් මරා දැමීමට නියමිත බව ඉන්දීය බලධාරීහු පවසති.

පසුගිය සතියේ ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වලින් කුරුළු රංචු මියගොස් සිටි බවට වාර්තා වීමත් සමග පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ ඔවුන්ට කුරුළු උණ රෝගය හෙවත් H5N8 වැළඳී ඇති බවයි.

ඉන්දියානු රජය විසින් මේ සම්බන්දව දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් තර ඇති අතර රෝගය පැතිරීම මැඩපැවැත්වීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස ප්‍රාන්ත රජයන්ගෙන්  ඉල්ලා තිබේ.

ඉන්දියාවේ සමහර දිස්ත්‍රික්ක වල කුකුළු මස් අලෙවි කරන කඩ වසා දමා ඇති අතර බිත්තර අලෙවිය ද නවතා දමා ඇත.

උතුරු හිමාචල් ප්‍රදේශයේ සංක්‍රමණික පක්ෂින් 2,400ක් පමණ මියගොස් ඇති බව පශු වෛද්‍යවරු වාර්තා කර තිබිණ. ඔවුන් සයිබීරියාවෙන් හා මොංගෝලියාවෙන් පියාසර කරන පාත්තයින් විශේෂයක් බවට හඳුනාගෙන තිබේ.

දකුණු කේරළයේ තාරාවුන් 12,000ක් පමණ මියගොස් තිබිණ.

රජයේ මාර්ගෝපදේශයන්ට අනුව, ඉන්දියාව පුරා කුරුළු උණ රෝගයට ධනාත්මක බව පෙන්වන පක්ෂීන් 36,000කට වැඩි ප්‍රමාණයක් මරා දැමීමට සැලසුම් කර ඇතැයි සඳහන් වේ.

Related articles

Recent articles

spot_img