-4.8 C
New York

කොරෝනා ගැන හොයන්න චීනයෙන් අවසර නොලැබේ

Published:

කොවිඩ් – 19 රෝගයේ මූලාරම්භය සම්බන්දව විද්‍යාත්මක සොයාබැලීම සඳහා චීනයේ වුහාන් නගරය වෙත ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමට චීනයට ඇතුළු වීමට අවසර ලබාදී නොමැති බව වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයින් දෙදෙනකු චීනය වෙත ගමන් කිරීමට පිටත් වී ඇති අතර වීසා බලපත්‍ර අනුමත නොවීම හේතුවෙන් එක් අයෙකු ආපසු සිය රට බලා පැමිණ තිබෙන අතර අනෙක් විද්‍යාඥයා චීනයෙන් ප්‍රතිචාරයක් ලැබෙන තෙක් වෙනත් රටක රැඳී සිටින බව සඳහන් වේ.

කණ්ඩායමට අයත් සෙසු සාමාජිකයින් අටදෙනා තවමත් සිය රටවල් වලින් පිටත්වී නොමැත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ට්‍රෙඩොස් අද්නාම් මහතා මේ සම්බන්දව සිය කනස්සල්ල පලකර ඇති අතර එයට පිළිතුරු වශයෙන් චීනය කියා ඇත්තේ සංචායේ දින වකවානු ඇතුළු තොරතුරු තවමත් සකස් කර නොමැති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සමග මාස ගනනාවක් සාකච්ඡා කිරීමෙන් පසු චීන බලධාරීන් මෙම පරීක්ෂණයට එකඟ වී තිබිණි. පසුගිය දෙසැම්බර් මැද භාගයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ 2021 ජනවාරියේදී විමර්ශන කටයුතු ආරම්භ කරන බවයි.

වයිරසය ආරම්භ වූයේ චීනයේ වුහාන් නගරයෙන් බව චීනට පිළිනොගන්නා අතර ඔවුන් සැක කරන්නේ එය ඇමරිකාවථ ඉතාලිය, ඉන්දියානු උප මහාද්වීපය හෝ සවුදි අරාබිය යන කළාප වලින් එකක දී සම්භවය වන්නට ඇති බවයි.

විද්‍යාඥයින් ද ඒ සම්බන්දව මෙතෙක් පැහැදිලි අදහසක් ප්‍රකාශ කර නොමැත.

https://www.bbc.com/news/world-asia-china-55555466

Related articles

Recent articles

spot_img