ඉන්දීය කෝවිඩ් එන්නත ශ්‍රී ලංකාවට දෙන්න සූදානම් බව එරට විදේශ ඇමති එස්. ජයිශංකර් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අද (06) පවසා තිබේ. මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ කොරෝනා එන්නත ළගදීම ශ්‍රී ලංකාවට ගෙන්වීමට පියවර ගන්නා බවයි.
දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුව අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
ඉන්දියාව නිෂ්පාදනය කරන කොරෝනා එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාව ලබාදීමට සූදානම් බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ. මෙම එන්නත ලබාගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බවයි ජනාධිපතිතුමා ද ප්‍රකාශ කර තිබේ. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට අමතරව තවත් ක්ෂේත්‍ර කිහිපයක් හදුනාගනු ඇත.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, ද්‍රව ස්වභාවික වායු, බලාගාර ව්‍යාපෘතිය, නිවාස හා මහාමාර්ග ඉදිකිරීම, කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ, සන්නිවේදන තාක්ෂණය සහ විකල්ප බලශක්ති මූලාශ්‍ර සංවර්ධනය ඒ අතර වෙයි. විධිමත් අධ්‍යාපනයක් ලැබූ මෙරට තරුණ පිරිසට ක්‍රමවත් වෘත්තීය පුහුණුවක් ලබාදීම සදහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා ඉන්දීය විදේශ ඇමතිවරයාට පවසා ඇත.