මාතලේ මහා නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස උප නගරාධිපති සන්දම් ප්‍රකාශ් අද (06) පත්වූයේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ විසින් හිටපු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ ධූරයෙන් ඉවත්කිරීම හේතුවෙන් අද නව නගරාධිපතිවරයකු තෝරාගැනීම සඳහා සභිකයන් අතර ඡන්ද විමසීමක් පැවැත්විණි.
එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සන්දම් ප්‍රකාශ් ඡන්ද 10ක් ලබාගත් අතර අනෙක් තරඟකරු වූ පාලිත ජයසේකර ඡන්ද 09ක් ලබා ගත්තේය.
නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනිම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් එම්.එම්.යු බි හේරත්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ මහ නගර සභා රැස්විම් ශාලාවේදි පැවැත්විණි.
නගරාධිපති ධුරය සදහා නම් යෝජනා කරන ලෙස සභාවට දැන්වු අවස්ථාවේදි නව නගරාධිපති ධුරය සදහා වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ්ගේ නම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි ටි.එස් මොහන් යෝජනා කළ අතර එකමුතු ප්‍රගතිශිලී සන්ධානයේ මන්ත්‍රි අයියාවු මාණික්කම් එය ස්ථිර කළේය. නාගරික මන්ත්‍රි පාලිත ජයසේකරගේ නම ජයරත්න ලියනගොඩ සහ තුෂාර ප්‍රනාන්දු දෙදෙනා විසින් යෝජනා ස්ථිර කරන ලදී. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි අනාස් රියාල් මහතාගේ නම කේ.ජි.ආර්.එම් සෆරුල්ලා යෝජනා කළ අතර එම්.සෆරුල්ලා එය ස්ථිර කළේය. එසේ වුව ද අනාස් රියාල් තම නම ඉල්ලා අස්කර ගත්තේය.
ඉන්පසුව පාලිත ජයසේකර සහ සන්දනම් ප්‍රකාශ් දෙදෙනාගෙන් නගරාධිපති ධූරය සඳහා අයකු තෝරාගැනීම සඳහා සදහා ඡන්ද විමසිම පැවැත්විණි.
පසුව ඡන්ද විමසිම රහස් ද විවෘත ඡන්ද විමසිමක්ද යන්න සභාවෙන් විමසු අතර විවෘත ඡන්දය සදහා ජයරත්න ලියනගොඩ සහ තුෂාර ප්‍රනාන්දු යෝජනා ස්ථිර කළ අතර රහස් ඡන්දයක් අවශ්‍ය බව වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා යෝජනා කළේය. එම යෝජනාව ටි.එස් මොහන් මහතා ස්ථිර කළේය.
ඒ අනුව ඡන්දය පැවැත්වෙන ක්‍රමය තීරණය කිරීම සඳහා ද මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත විමසන ලදී. එහිදී මන්ත්‍රීවරු 10 දෙනෙක් රහස් ඡන්දයට කැමැත්ත දුන් අතර විවෘත ඡන්දයක් ඉල්ලා සිටි සංඛ්‍යාව 09 දෙනෙකි.
ඒ අනුව නගරාධිපතිවරයා තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විණි.
(මහේෂ් කීර්තිරත්න)