spot_img
spot_imgspot_img

මාර්ගයේ වැඩ යළි අරඹන්න යැයි පාර හරස්කර උද්ඝෝෂණ‍

පුවත්

විදෙස්

සංවර්ධන කටයුතු අතරමැද නවතා දමා ඇති කොට්ටුලච්චිය මහකුඹුක්කඩවල මාර්ගය ඉක්මණින් ඉදිකර දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසී ජනතාව අද (06) විරෝධතාවක නිරතවූහ.

උදෑසන 7.00ට මෙම මාර්ගය වසා දමමින් ආරම්භ වූ විරෝධතාව පැය දෙකක පමණ කාලයක් පැවැති බව ආණමඩුව පොලිසිය පවසයි. පොලිසිය පවසන් විරෝධතාව හේතුවෙන් මාර්ගයේ ගමනා ගමනය ද සම්පූර්ණයනේ ඇණහිට තිබූ බවයි.

කොට්ටුකච්චිය සිට මහකුඹුක්කඩවල දක්වා ගමන් කිරීමට ඇති එකම මාර්ගයය මෙයයි. දැඩි ලෙස අබලන්ව තිබූ මේ මාර්ගයේ කිලෝ මීටර 15ක පමණ දුරක් කාපට් අතුරා සංවර්ධනය කිරීමට කටයුතු කර තිබුණ ද එය තැනින් තැන ඉදිකිරීම් කර අතරමග නවතා ඇති බවට ජනතාව චෝදනා කරති. ඔවුන් පවසන්නේ මෙලෙස මාර්ගයේ සංවර්ධන කටයුතු අතරමග නවතා දැමීම හේතුවෙන් මාර්ගයේ ගමන් කරන්නන්ට පමණක් නොව ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පවා දැඩි පීඩාවක් පවතින බවයි.

පසුගිය සතියක පමණ කාලයක දී මෙම මාර්ගයේ ගමන් කළ යතුරුපැදි කරුවන් 50කට වැඩි පිරිසක් ඇදවැටීමෙන් තුවාල ලබා ඇති බවත් ඔවුහු කියති. මාර්ගයේ තැන තැන ඇති මඩවලල් හේතුවෙන් මේ අනතුරු සිදුවන බව ඔවුන් පෙන්වා දෙයි.

මේ මාර්ගයේ දිනපතා ම ටිපර් රථවලින් බොරළු ප්‍රවාහනය කරන බැවින් මාර්ගය දැඩි සේ අබලන්වන බව ද ඔවුන්ගෙන් නැගෙන තවත් චෝදනාවකි.

විරෝධතාව පැවැත්වෙන ස්ථානයට පැමිණි ආණමඩුව ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත රාජකරුණා මේ සඳහා මැදිහත් වී කොන්ත්‍රාත් සමාගම සමඟ සාකච්ඡා කර මඩ සහිත ලිස්සායන ස්ථානයන්ට කඩිනමින් ගල් කුඩු ඇතිරිමට පොරොන්දු වූයේය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ද දුරකථනයෙන් ජනතාව අමතමින් කියා සිටියේ මාර්ගයේ සංවර්ධන කටයුතු ඉක්මණින් සිදුකරන බවයි.

එ‍ම පො‍රොන්දුවීම් හේතුවෙන් උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත්ව ගියහ.

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!