spot_img
spot_imgspot_img

තාක්ෂණ ශිල්පියෙක් මාරාන්තික උපවාසයක

පුවත්

විදෙස්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ශිල්පියකු කොළඹ උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානයට පැමිණ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. ඔහු පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ද නොතකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය තමන්ට සේවයට වාර්තා කිරීමට ඉඩ නොදෙන බවයි.

මහනුවර වැලිගල්ලේ පදිංචි සංජීව රවීන්ද්‍ර රාජපක්ෂ නමැති ඔහු පවසන්නේ විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තමන්ට සේවයට වාර්තා කිරීමට ඉඩ නොදෙන බවයි. මෙය සාපරාධී ක්‍රියාවක් බවත් ඔහු පවසයි. මේ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමුකිරීම සඳහා ඔහු තම දෙමාපියන් සමඟ පැමිණ උපවාසය ආරම්භ කර තිබේ.

ඔහු පවසන්නේ 2005 වසරේ මාර්තු 15 වැනිදා සිට  වසර 05ක් තමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථීර , විශ්‍රාම වැටුප් හිමි තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළ අතර, 2010 වසරේ අගෝස්තු 03 වැනිදා සිට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට සේවයට වාර්තා කිරීමට පාලනාධිකාරිය ඉඩ නොදීම නිසා මේ වනවිට වසර 10 කට වැඩි කාලයක් වැටුප් පවා නොලබා සිටීමෙන් තමන් ඇතුළු සිය පවුලම ඉතා අසරණභාවයට පත්ව ඇති බවයි

මෙම අසාධාරණයට සහනයක් ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරන ලද මූලිික අයිතිවාසිකම් පෙත්සමක් විභා කරමින් නියෝග කර ඇත්තේ ඔහුට සේවයට වාර්තා කිරීමට ඉඩ දෙන ලෙසයි

එසේ වුව ද විශ්වවිද්‍යාල පාලන අධිකාරිය එම නියෝගය ද නොතකා අත්තනෝමතික ලෙස කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!