spot_img
spot_imgspot_img

කරාපිටිය ළමා වාට්ටුවක් තාවකාලිකව වසා දමයි

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා වාට්ටු තුන අතරින් වාට්ටු අංක 02 හි තම දරුවා සමඟ සිටි මවක කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් එම වාට්ටුව තාවකාලිකව වසා දැමූ බව රෝහල්ප ආරංචිමාර්ග පවසයි. මෙම කාන්තාව ගිංතොට පදිංචි අයෙකි.

නේවාසිකව සිටින සිය දරුවා සමඟ සිටිය දී සෙම් ගෙඩි ඇති බව පැවසීම හේතුවෙන් ඊයේ (04) ඇය පීසීආර් පරීක්ෂණයකට යොමු කර මවත් දරුවාත් වාට්ටුවේ වෙනම ස්ථානයක රඳවා තබා තිබිණි. අද ලැබුණු වාර්තාවෙන් තහවුරු වී ඇත්තේ මව කොරෝනා ආසාදිත බවයි.

වෛද්‍යවරු පවසන්නේ එම මව මීට පෙර කොරෝනා ආසාදනය වී සුවය ලැබූ අයකු ද විය හැකි බවයි. කෙසේ වෙතත් මව, දරුවා සහ දරුවාගේ මිත්තණිය මේ වනවිට කොරෝනා සැක රෝගීන් ඇතුළත්කරන 36 වාට්ටුවට යොමුකර සිටින අතර දරුවා සහ මිත්තණියගෙන් ද පීසීආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය ජෛව සාම්පල ලබාගෙන ඇත.  

මේ වනවිට ළමා ඒකකයට පිටතින් පැමිණීම සහ පිටවීම වළක්වා තාවකාලිකව වසා දමා ඇත. මෙම මව සමඟ වාට්ටුවේ කාර්ය මණ්ඩලය ආශ්‍රිත වූ ආකාරය පිළිබඳ කරන ලද අවදානම් තක්සේරුවේ දී වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය අවදානම් නොවන බව ද තහවුරු වී තිබේ.

ආසාදිත මවගේ අනෙකුත් පරීක්ෂණ සහ දරුවාගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතය. වාට්ටුවේ සාමාන්‍ය කටයුතු යළි ආරම්භ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව ද වෛද්‍යවරු කියති. කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා වාට්ටු තුනක් ඇති බැවින් අනෙක් වාට්ටු දෙකෙහි රෝගී සත්කාරක සේවා සාමාන්‍ය පරිදි සිදුකරයි.

1 COMMENT

  1. Karapitiye 56/57 ward eke patientslata positive ina welaweth kiwwe staf eke ayata risk ekak ne kiyala. Staf eke ayawa Quarantine kala kiwwa. eth eyala gedara yanawa wedata enawa. Kisima therumak nethi wedak. Me welawe hospital wala staf eka parissam kara ganna one. Consultantge idan health care service eka wenakan katath adu wediyak nethuwa eka widiyata salakanna one.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!