spot_img
spot_imgspot_img

යුක්‍රේන සංචාරකයන් ගෙන්වීම ගැන උදයංග වීරතුංග පැහැදිලි කරයි (වීඩියෝ)

පුවත්

විදෙස්

2020 ජනවාරි මස 02 වන දින මත්තල ගුවන් තොටුපලට SkyUp Airlines ගුවන් සමාගම විසින් රැගෙන ආ යුක්රේනියානු සංචාරකයින් 173 දෙනාගේ PCR පරීක්ෂණ අදාල හෝටලයේදී සිදු කල අතර කිසිදු කොරෝනා ආසාදිතයකු නැති බව PCR පරීක්ෂණයට අනුව සනාථ වී ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසයි.

ඒ අනුව මෙතෙක් පැමිණි යුක්රේනියානු සංචාරකයින් 567 දෙනා අතරින් 02 පමණක් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර ඔහුන් එම හෝටල්වල වෙනම කාමර වල ප්‍රතිකාර ලබන බවයි ඔහු සඳහන් කර සිටින්නේ.

එසේම අද දින හතරවන ගුවන්යානාව දහවල් 02.15ට මත්තල ගුවන් තොටුපලට ළගාවීමට නියමිතව ඇත.

ඔහු වැඩිදුරටත්ම මෙසේ ද කීවේය.

“මාස නමයක් ගුවන් තොටුපොළ සංචාරකයන් සඳහා වසා තැබීම නිමා කරමින් යුක්‍රේන සංචාරකයන් සඳහා නියාමක අදියරේ වැඩපිළිවෙලක ක්‍රියාත්මක කිරීම ලොකු අභියෝගයක් වුණා. යානා 38ක් සූදානම් කළා. ඉන් යානා 2ක් 28 හා 29 වැනි දා ලංකාවට ආවා. ඒ යානාවලින් ආවා. දැන් 567ක් ලංකාවේ ඉන්නවා. ඒ අය හෝටල් කිහිපයක සමූහයක් වශයෙන් ඉන්නවා. ඒ අයට එළියට යන්න දැනට දෙන්නේ නැහැ. තවත් එනවා. “

උදයංග වීරතුංග සමඟ සංවාදයට එක්වූ ලේරා නමැති යුක්රේන ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාව ලස්සන රටක් බවත් හැමෝම හොඳින් සළකන බවත් ආපසු යන්න හිතෙන්නේ නැති බවත් කියන්නීය.

“මොන චෝදනා ආවත් මම මේ අභියෝගය අරගෙන මේ දේ කළා. මොස්කව් ශ්‍රී ලංකා තානාපති හැටියට මේ රටේ සංචාරක කර්මාන්තය ප්‍රචලිත කළ නිමා මේ දේ සංවිධානය කළේ රටේ සංචාරක කර්මාන්තය නංවන්න. අපට මොන විවේචන ආවත් සංචාරක කර්මාන්තය අත්‍යාවශ්‍යයි. ලක්ෂ 20ක පමණ පිරිසක් මේ කර්මාන්තයෙන් යැපෙනවා. මේ විදියට හරි සංචාරක කර්මාන්තය ආරම්භ කිරීමෙන් අද සුළු පිරිසකට ප්‍රතිලාභ ලැබුණත් ඉදිරියේ දී අනෙත් අයටත් ආදායම් ලැබේවි. මම මගේ වගකීම ඉටු කරනවා. මගේ රට වෙනුවේන යුක්‍රේන, රිසියා හා කසකස්ථාන සංචාරකයන් ගෙන්වා සංචාරක කර්මාන්තයේන ලෝකයේ හොඳ තැනක් දිනාගන්න අපි කටයුතු කරමු.”

Newswire

1 COMMENT

  1. ඉතින් යුක්‍රේනය කියන්නෙ එයාගෙ බිස්නස් කරන රටනෙ.පරණ තඩි ප්ලේන් මිග් බුලට් එහෙම ගෙනාවෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!