-1 C
New York

සීගිරිය, පොළොන්නරුව ශ්‍රී ලාංකිකයන්ට වැසේ

Published:

යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයන් පෙ‍ාළොන්නරුව පැරණි නගරය හා සීගිරිය නැරඹීමට යන බැවින් ඔවුන් සංචාරයේ යෙදෙන කාලයේ දී ශ්‍රී ලාංකිකයන් සඳහා එම ස්ථාන විවෘත නොකරන බව මධ්‍යම සංස්කෘතික අරමුදල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අග්‍රාමාත්‍යතුමාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ලලිත් උදේෂ මධුභානු විසින් එම නිවේදනය නිකුත් කර තිබේ.

එහි දක්වා ඇත්තේ දේශීය සංචාරකයන් හා විදේශීය සංචාරකයන් මුහුවීම වැළැක්වීම සඳහා වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවා ඇති බවයි. ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සංචාරක කලාප වෙත විදේශීය සංචාරකයන් සංචරණය කරන වේලාවල දී දේශීය සංචාරකයන්ට ප්‍රවේශවීමට ඉඩ නොදෙන බව එම නිවේදනයේ දක්වා ඇත.

ඒ අනුව යුක්‍රේන සංචාරකයන් පොළොන්නරුව මාළිගා සංකීරණය ඇතුළු පැරණි නගරයේ සංචාරය කරන හෙට (04) දිනයේ දී සවස 1.00න් පසු දේශීය සංචාරකයන්ට එම පරිශ්‍රය වසා දැමේ. එමෙන් ම ඔවුන් ජනවාරි 05 වැනි දා පෙරවරුවේ සීගිරිය සංචාරක කලාපය නැරඹීමට යන බැවින් එදින මධ්‍යහ්න 12.00 දක්වා කාලයේ දී දේශීය සංචාරකයන්ට සීගිරියට ඇතුළුවීමට ඉඩ ලැබෙන්නේ නැත.

එමෙන් ම එම නිවේදනයේ දක්වා ඇත්තේ මෙම විදෙස් සංචාරක පිරිස ඉදිරි දින කිහිපයේ දී දඹුල්ල හා මහනුරව සංචාරක කලාපතුළ ද සංචාරය කිරීමට නියමිත බවයි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධනගේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරීගේ උපදෙස් මත ‍මෙම තීරණ ක්‍රියාත්මක බව ද මාධ්‍ය සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරයා විසින් නිකුත්කර ඇති නිවේදනයේ දක්වා තිබේ.    

Related articles

Recent articles

spot_img