5.4 C
New York

කොරෝනා මර්ධනයට විශ්‍රාමක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු

Published:

සබරගමුව පළාතේ කොරෝනා පැතිරයාමේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය ලබාගැනීමට  කටයුතු කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති කොරෝනා මර්ධන කමිටු රැස්වීමේ දී ය. ‍

එහි දී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා කොරෝනා වසංගතය පැතිරයාම පාලනය කිරීම සඳහා සීතාවක කර්මාන්තපුරය සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට සිදුවන බව කියා සිටියේය.

කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අදහස් දක්වමින් කියා සිටියේ කෑඝල්ල දිස්ත්‍රික්කය පුරා කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිත පුද්ගලයන් 1136 දෙනකු මේ දක්වා හඳුනාගෙන අති බවයි. එ් අනුව පුද්ගලයන් 25,572ක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙන බවත් හෙතෙම කීවේය.

එසේ වුව ද කෑගල්ල දිස්ත්‍රික්කයේ ම සේවය කරනු ලබන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 60 දෙනකු පමණක් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පෙන්වාදුන්නේය.

Related articles

Recent articles

spot_img