ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායනය අවසන්වන දිනයේ දී අභිරහස් ලෙස මියගිය තම බිරිඳගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ලබාදෙන ලෙස ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික සැමියා ඉල්ලා සිටියි.
ඔහු පවසන්නේ අසනීපයකට ප්‍රතිකාර ගැනීම සඳහා තම බිරිඳ දෙසැම්බර් 17 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණි බවයි. ඇයට මියයාමට හේතුවන රෝගයක් නොතිබී බවත් නමුත් ඇයගේ නිරෝධායනය අවසන් වීමට තිබූ ජනවාරි 01 දා ඇය හෝටල් කාමරයේ මියගොස් ඇති බව ශ්‍රී ලංකාවෙන් දුරකථනය මගින් දැනුම් දුන් බවත් ඔහු පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි වියේ පසු වූ එක් දරු මවකි. මහනුවර හෝටලයක නිරෝධායනය වෙමින් සිටිය දී ඇය මියගොස් තිබේ.
සැමියා පවසන්නේ ඇය නිරෝධායනය වෙමින් තිබූ හෝටලයට තම බිරිඳගේ අසනීප තත්ත්වයන් පවසා ඇය වෛද්‍යවරයකුට පෙන්වන ලෙස දුරකථනයෙන් ද උපදෙස් දුන් බවයි. නමුත් ඇය කිසිම අවස්ථාවක දුරකථනයට සම්බන්ධ කරගැනීමට නොහැකි වූ බවත් නිරෝධායනය වන පුද්ගලයන්ට කාමරයෙන් එළියටවත් යාමට නොදීම බරපතල ගැටලුවක් බවත් ඔහු චෝදනා කරයි.
ඔහු ඉතාලියේ මිලානෝ නගරයේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලාංකික ජනතාව දැනුම්වත් කරමින් ඉල්ලා සිටින්නේ මෙම මරණය සම්බන්ධයේන සාධාරණ පරීක්ෂණයක් අවශ්‍ය බවයි.



