කොරෝනා වසංගතය හේතුවෙන් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහියක හුදකලාබව ඉවත්කිරීම හා දැනට අවදානම් තත්ත්වයට පත්ව ඇති ප්‍රදේශ කිහිපයක් හුදකලා බවට පත්කිරිමත් තවදුරටත් හුදකලාබව පවත්වාගෙන යාමත් පහත සඳහන් පරිදි සංශෝදනය කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දී තිබේ
කොළඹ දිස්ත්‍රික්කය
ජනවාරි මස 04 දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ
- මෝදර පොලිස් වසම
- කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාම නිලධාරී වසම
- කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
- බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම
- මිරිහාන පොලිස් වසමේ දෙමළවත්ත (පිටකෝට්ටේ)
ගම්පහ දිස්ත්‍රික්කය
ජනවාරි 04 උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ
- පෑලියගොඩ පොලිස්වසමේ
පෑළියගොඩවත්ත ග්‍රාම නිලධාරී වසම, මීගහවත්ත ග්‍රාම නිලධාරී වසම , පට්ටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ රෝහණ විහාර මාවත, පෑළියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පූරණ කොටුවත්ත
- කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවත
ඉහත සඳහන් පොලිස් වසම් හා ග්‍රාම නිලධාරී වසම් හැරුණු විට මේ දක්වා හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශ නැවත දැනුම්දෙනතුරු තව දුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින බව ද යුද හමුදාපතිවරයා දැනුම් දී ඇත.



