ඉඳුරුව තුන්දූවේ පදිංචිකරුවන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු නොවීම හේතුවෙන් ගැටලු රැසක් ඇති වී තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මේ වනවිට වාර්තා වි ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 110කි. ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ තුන්දූව ප්‍රදේශයෙන් වන අතර එම ප්‍රදේශය හුදකලා කිරීමට ද කටයුතු කර තිබේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට ගිය ද ඔවුන්ගෙන් මේ දක්වාම ඒ සඳහා සහයෝගයක් නොලැබෙන බවයි. මීට පෙර තුන්දූව විදුහලේ පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට සළසුම් කළ දිනයේ දී විදුහල්පතිවරයා පවා ඒ සඳහා සහයෝගයක් ලබා නොදුන් අතර පසුව කරන ලද පීසීආර් පරීක්ෂණයකින් විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් කිහිප දෙනෙකුම ආසාදිත බව හඳුනාගෙන තිබිණි.
ගම් වැසියන් දිගින් දිගටම පීසීආර් පරීක්ෂණ මඟහැරීම හේතුවෙන් තුන්දූව හුදකලා කිරීමට සිදුවූ බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. ඊයේ (02) දිනයේ යළි තුන්දූවේ පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය කණ්ඩායම් එම ගම්මානයට ගිය විට ගම්වාසීන් පීසීආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත්වීම මඟහැරි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
මුස්ලිම් දේවස්ථානයක පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට සැළසුම් කර තිබුණ ද එම දේවස්ථානයේ සුදු කොඩි ප්‍රදර්ශනය කරමින් ඊට විරෝධය දක්වා තිබූ අතර ගැමියන් පැමිණ සිටියේ ද සුළු පිරිසක් බව ඔවුහු කියති. මේ හේතුවෙන් නිවෙසින් නිවසට ගොස් පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබිණි. නිවෙස්වලට යන විට නිවෙස් ඇතළට වී ගැමියන් දොර වසා ගන්නා බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කීහ.
මෙම පරික්ෂණ පැවැත්වීම සඳහා ඊයේ (02) තුන්දූවට ගිය එක් නිලධාරිනියක් නිවෙසින් නිවසට යාමෙන් අධික වෙහෙසට පත්ව ක්ලාන්තවීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීමට ද සිදුව ඇත.
සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ගම්වැසියන් දිගින් දිගටම පීසීආර් පරීක්ෂණ මඟ හරින්නේ නම් එම ගම්මානය සම්පූර්ණ අවදානම් තත්ත්වය පහව යනතුරු හුදකලා කර තැබීමට සිදුවන බවයි.



