4 C
New York

අඟුණුකොළපැලැස්සෙන් මූලාශ්‍රයක් නැති ආසාදිතයෙක්

Published:

අඟුණුකොළපැලැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මූලාශ්‍රයක් නොදන්නා කොරෝනා ආසාදිතයකු හමුවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඊයේ (02) සවස ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් අඟුණුකොළපැලැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 04 දෙනකු වාර්තා වී ඇති අතර ඔවුන් අතර සිටි එක් අයකුගේ මූලාශ්‍ර සොයාගත නොහැකි වී තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ එම පුද්ගලයා වෙළෙඳ ආයතනයක අළෙවි නියෝජිතයකු බවයි. ප්‍රදේශ ගණනාවක සංචාරය කරමින් අළෙවි කටයුතුවල නිරත වී ඇති ඔහුට කොරෝනා ආසාදනය වූ ආකාරය සොයා ගැනීමට අපහසු වී ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් ද සොයා ගැනීම ඉතා සංකිර්ණ වී තිබේ.

Related articles

Recent articles

spot_img