spot_img
spot_imgspot_img

යුක්‍රේන සංචාරකයන් නිසා යාල සෆාරි රියදුරන් නිරෝධායනයට

පුවත්

විදෙස්

යුක්‍රේන සංචාරකයන් පිරිසක් යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයකට රැගෙන ගිය සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනකු ඊයේ (02) රාත්‍රී සිට දින 14ක නිරෝධායනයට යොමුකර ඇත.

එලෙස නිරෝධායනය කිරීම පිළිබඳ රියදුරන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.

රියදුරන් පවසන්නේ මෙම සංචාරකයන් රැගෙන යද්දී තමන්ට නිරෝධායනය වීමට සිදුවන බව කිසිවෙකුත් දැනුම් නොදුන් බවයි. එම සංචාරකයන් රැගන යාම හේතුවෙන් තමන් නිරෝධායනයට යොමු කරන්නේ නම් සංචාරකයන් නිරෝධානයට යොමු නොකරන්නේ කවර හේතුවක් නිසා දැයි ඔවුහු ප්‍රශ්න කරති.

සංචාරක අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ යුක්‍රේන සංචාරකයන් සිටින්නේ සංචාරක බුබුළක් තුළ බැවින් ඔවුන්ගෙන් මෙරට කිසිවෙකුට කොරෝනා ආසාදනය වීමට හැකියාවක් නොමැති බවයි. එසේ වුව ද යාල සංචාරයේ යෙදෙන සංචාරකයන් වටා එවැනි බුබුළක් ක්‍රියාත්මක වූ බවක් පෙනෙන්නට නොමැති අතර ඔවුන් සංචාරයේ යෙදෙන්නේ මුඛ ආවරණ හෝ පැළඳීමකින් තොරව බව පැහැදිලිව දක්නට ලැබෙයි.

පසුගිය 28 හා 29 දිනවල පැමිණි යුක්‍රේන සංචාරකයන් අරතින් 113 දෙනකු මෙලෙස යාල ජාතික වනෝද්‍යානයේ සංචාරකයක නිරතව ඇත. එම පිරිස අතර ළමුන් 11 දෙනකු ද සිටි බව දැනගන්නට ඇත.

“සෆාරි ගිහින් ආවට පස්සෙ තමයි යුද හමුදාවෙන් ඇවිත් අපිව අරන් යන්නෙ. අපි කිසිදෙයක් දන්නෙත් නෑ. දන්නවා නම් අපි මේ අය අරගෙන යන්නෙත් නෑ. සුද්දෝ රට වටේම ඇවිදිනවා. අපිව කොටු කරනවා,” යනුවෙන් සෆාරි ජීප් රථ රියදුරන් එහිදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!