සෞඛ්‍ය උපදෙස් අමු අමුවේ උල්ලංඝනය කරමින් අලුත් අවුරුද්ද සැමරූ වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (03) වැනි දා වනවිට දැඩි අර්බුදයකට ලක්ව තිබේ. මෙහි බරපතලම ගැටලුව වන්නේ වැලිගම යනු මේ වනවිට සක්‍රීය කොරෝනා පොකුරක් සහිත ප්‍රදේශයක් වීමයි.
වැලිගම ආශ්‍රිතව කොරෝනා රෝගින් විශාල වශයෙන් වාර්තා වෙමින් තිබිය දී ජනවාරි 01 දා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී නව අවුරුදු උදාව සැමරීමට එහි සිටි පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට දැඩි අවශ්‍යතාවක් තිබිණි.
එසේ වුව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊට දැඩි ලෙස විරෝධයක් දැක්වූහ. ඔවුන්ගේ උපදෙස් කොතකා ජනවාරි 01 දා අවුරුදු මේසයක් සැකසූ පවුල් සෞඛ්‍ය සේවිකාවෝ අලුත් අවුරුදු සැමරූහ. පහනක් දල්වා සියලු දෙනාට සුබ පැතීමෙන් අනතුරුව
“ආ. දැන් හැමෝම මාස්ක් ගලවගෙ ඇවිත් කිරිබත් කමු” යැයි කිවූ ප්‍රධාන පවුල් සෞඛ්‍ය සේවිකාව සැමට කිරිබත් කැව්වාය.
ඉන් පසු ගීත ගයමින් විනෝද වන්නට ද ඔවුන් අමතක කළේ නැත.
මේ පිරිස අතර දැනටමත් කොරෝනා ආසාදිතයන් වාර්තාවන ප්‍රදේශයක පදිංචි නව උපාධි පත්වීම් ලැබූ තරුණියක ද සිටියාය. සංවර්ධන නිලධාරිනියක වන ඇය ද තම කාර්යාලයේ හිතවත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් සමඟ අවුරුදු සැමරීම කළේ සතුටිනි. නමුත් ඒ සතුට තිබුණේ ඊයේ (02) සවස දක්වා පමණි. ඇය පීසීආර් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබිණි.
පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට තත්ත්වයේ බරපතල කම දැන් වැටහී ඇතිවාට සැකයක් නැත. වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 20ක් දැන් නිරෝධායනයේය. දින 14ක් යන තුරු ප්‍රදේශයේ රාජකාරී කරන්නට ඉන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 05 දෙනකු පමණි.
කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය අංශ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් පිළිබඳ ජනතාව දැනුම්වත් කරමින් එ්වා පිළිපැදිය යුතු වුව ද ඔවුන් එය තුට්ටුවකට මායිම් නොකිරීමේ ප්‍රතිඵලය දැන් අත්විඳිමින් සිටී. මේ හේතුවෙන් අපහසුතාවට පත්වන්නේ ඔවුන්ගේ සේවය ලබාගන්නා ජනතාවයි.