4 C
New York

මහනුවර ජාතික රෝහලේ අධිකරණ අංශය වැඩ නවතයි

Published:

මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ සියලු සේවකයෝ අද (03) උදෑසන සිට සිය රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටිති.

කොරෝනා වයිරසය ආසාදනය වූ මළ සිරුරක් ඉවත් නොකිරීම හේතුවෙන් ඔවුන් පියවර ගෙන ඇත. සති ගණනාවකට පෙර මියගිය එම පුද්ගලයා කොරෝනා ආසාදිත අයකු බැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත සිරුර ආදාහය කිරීමට ඥාතීන් විරුද්ධවීම හේතුවෙන් මළ සිරුර මෙතෙක් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ශීතාගාරයේ තැන්පත් කර තිබේ.

ඔහු මුස්ලිම් ජාතිකකු බැවින් ඥාතීන් සිරුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවකයන් පවසන්නේ මෙම සිරුර ශීතාගාරයේ තැන්පත් කර තිබීමෙන් එහි වෙද්‍යවරු ඇතුළු සියලු සේවකයන් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්වන බවයි. මෙය ඉවත්කරන ලෙස බලධාරීන් දැනුම්වත් කර ඇතත් ඒ සඳහා අවශ්‍ය පියවර නොගැනීම හේතුවෙන් ඊට විරෝධය දැක්වීමක් ලෙස ඔවුහු අද (03) සිට සේවයෙන් ඉවත්ව සිටිති.

මේ හේතුවෙන් රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ පශ්චාත් මරණ පරීක්ෂණ ඇතුළු සියලු කටයුතු ඇණ හිට ඇත.

Related articles

Recent articles

spot_img