4 C
New York

නොදැනුවත්කමට වඩා තවත් දෙයක් නැත. 2021 දී වෙනස් කරමු

Published:

ශ්‍රී ලංකාවේ කුණු කන්දකින් තම ආහාරවේල සපයා ගන්නා අලින්ගේ ඡායාරූපයක් තම twitter ගිනුමට එක්කරන එරික් සෝල්හයිම් එය නම්කර ඇත්තේ 2020 දුක්බර ඡායාරූපය යනුවෙනි.

“නොදැනුවත්කමට වඩා භයානක දෙයක් නැත. 2021 දී වෙනස් කරමු” යනුවෙන් ද එහි සඳහන් කර ඇත.

එරික් සෝල්හයිම් යනු මෙරට සියලු දෙනාට හුරුපුරුදු නාමයකි. කොටි ත්‍රස්තවාදීන්ගේ ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා ඔහු මැදිහත් වෙමින් කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ කසළ බැහැර කිරීමේ නිසි කළමනාකරණයක් නොමැති වීම වසර ගණනාවක සිට මෙරට ඇති විශාල ගැටලුවකි. විශේෂයෙන් ම කිසිදු විධිමත් ක්‍රියාමාර්ගයක් නොමැතිව කැළි කසළ මහා පරිමාණ ලෙස වනාන්තර ආසන්න ප්‍රදේශවලට බැහැර කිරීම හේතුවෙන් වන සතුන් ඒ වෙත ඇදී එම ද දක්නට ලැබේ. මෙය ශ්‍රී ලංකාවේ ඇති බරපතල පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇත.

කසළ සොයා පැමිණෙන අලි කුණු කඳුවල ඇති පොලිතීන් සමඟ ආහාර ගිල දැමීමෙන් මරණයට පත්වූ අවස්ථා පවා වාර්තා වී ඇත. එමෙන් ම කුණු කඳුවලට බැහැර කර ඇති මිනිස් පරිභෝජනයට ගත් ආහාර ද්‍රව්‍ය ගිල දමන අලි ඒවායේ ඇති ලුණු රසට හා පැණි රසට ලොල් බැඳ ඒ ආහාර සොයා ගම් වැදීමෙන් අලි මිනිස් ගැටුම ද උත්සන්න වෙයි.

එරික් සොල්හයිම් පවසන ආකාරයට “නොදැනුවත්කමට වඩා භයානක දෙයක් නැත.” යන්න සත්‍යයක් සේම මෙය නිසි කසළ කළමනාකරණයක් නොමැති වීමේ බරපතල පාරිසරික අර්බුදයකි.

Related articles

Recent articles

spot_img