4 C
New York

හම්බන්තොට කොරෝනා වැඩිවෙයි

Published:

දකුණු පළාතේ කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාවව 1104ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාරම මහගමගේ පවසයි.

ඊයේ (02) දිනයේ දකුණු පළාතෙන් කොරෝනා ආසාදිතයන් 33 දෙනකු වාර්තා වී තිබේ. ඒ අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 22කි. ඉන් වැඩිම පිරිසක් වූ 21 දෙනකුම වාර්තා වී තිනේනේ වීරකැටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වීම ද විශේෂත්වයකි. කොරෝනා දෙවැනි රැල්ල ආරම්භබ වූ පසුගිය ඔක්තෝබර් 21 දින සිට ඊයේ දක්වාම වීරකැටියෙන් වාර්තා වී සිටි ආසාදිතයන් සංඛ්‍යාව 05 දෙනකු පමණි. මේ ඊයේ වාර්තා වූ 21 දෙනා සමඟ එම සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ ගොස් ඇත.

අනෙක් ආසාදිතයා වාර්තා වී ඇත්තේ හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 09 දෙනකු ඊයේ දිනයේ වාර්තා වූ අතර දික්වැල්ලෙන් ආසාදිතයන් 06 දෙනකු සහ අකුරැස්සෙන් ආසාදිතයන් 03 කු ලෙස වාර්තා වී ඇත. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඇල්පිටිය සහ වැලිවිටිය දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් එක් ආසාදිතයකු බැගින් වාර්තාවී ඇත.

මේ අනුව ඊයේ සවස 4.00 ට ලැබී තිබුණු දත්ත අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 607ක් මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 395ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 102ක් වශයෙන් දකුණු පළාතෙන් ආසාදිතයන් 1104ක් මේ වනවිට වාර්තා වී ඇත. ඊයේ සවස ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වූ අතර එය මෙම ලේඛනයට මෙතෙක් ඇතුළත්ව නැත.  

Related articles

Recent articles

spot_img