4 C
New York

නොදන්නා පුද්ගලයකු ඇතුළු මරණ තුනක් අද

Published:

අනන්‍යතාව නොදනන්නා කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ මරණයක් සමඟ තවත් මරණ දෙකක් පිළිබඳ විස්තර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද නිකුත් කර තිබේ. ඒ අනුව මෙරට සිදුවූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 211ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අනන්‍යතාව නොදන්නා පුද්ගලයා වයස අවුරුදු 70-80ත් අතර වයසේ පසුවන බවට සිතිය හැකි පිරිමි පුද්ගලයකු බවත් ඔහු දෙසැම්බර් 30 වැනි දින මියගොස් ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ වාර්තාවේ දැක්වේ. ඔහු කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති බව තහවුරු වී තිබේ.

කොළඹ 13 පදිංචි වයස අවුරුදු 93ක කාන්තාවක් දෙසැම්බර් 30 වැනි දින නිවසේ දී මියගොස් තිබේ. ඇයගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා 19 ආසාදනය නිසා ඇති වූ සංකූලතාවයන්ය.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොළඹ පෞද්ගලික රෝහලක සිට කොරෝනා බව ආසාදිත බව තහවුරු වීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එහි දී ජනවාරි 02 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වය හා සංකූල වකුගඩු ආසාදනයයි.

Related articles

Recent articles

spot_img