4 C
New York

ගාල්ලේ කොරෝනා මරණය රජයේ වියදමින් ආදාහනය කරයි

Published:

ගාල්ල ගිංතොට, මහහපුගල පදිංචි නිවසේ දී මියගිය කොරෝනා ආසාදිත පුද්ගලයාගේ මළ සිරුරු අද (02) සවස 6.30ට පමණ අක්මීමණ කුරුඳුවත්ත ආදානාගාරයේ දී රජයේ වියදමින් ආදාහනය කළ බව පොලිසිය පවසයි.

මිය ගිය තැනැත්තා වයස අවුරුදු 74ක පුද්ගලයෙකි. ඊයේ (01) නිවසේ දී මියගොස් සිටි ඔහුගේ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ගෙනඒමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබිණි.

මරණ පරීක්ෂණය සිදුකළ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක එන්.ජී.බී.කරුණාතිලක කියා සිටියේ මෙම සිරුර ආදාහනය කිරීමට සිදුවන බව පැවසූ විට ඥාතීන් සිරුර භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බැවින් රජයේ සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති උපදෙස් අනුව රජයේ වියදමින් ආදාහනය කිරීමට උපදෙස් ලබාදුන් බවයි.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛදය රුවන් නානායක්කාර විසින් සිදුකර තිබිණි. හෘදයේ ආබාධ, ක්ෂය රෝගය හා දීර්ඝකාලීන පෙනහළු රෝග සමඟ කොරෝනා ආසාදනය හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු විශේෂඥ වෛද්‍යවරයා ලබාදුන් නිගමන හා සාක්ෂිවලින් ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂකවරයා විසින් තීරණය කරන ලදී.

Related articles

Recent articles

spot_img