spot_img
spot_imgspot_img

සිරුරු ආදාහනයට එරෙහිව බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය නීති මඟට

පුවත්

විදෙස්

කොරෝනා හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීමේ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහිව බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය නීතිමය පියවර ගන්නා බව නිවේදනය කර තිබේ.

ඔවුන් පවසන්නේ මෙරට සුළුතරය නියෝජනය කරන මුස්ලිම් වැසියන්ගේ ආගමික අයිතියට මහත් පීඩාවක් මෙමගින් එල්ල කර ඇති බවයි. මේ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ හදිසි අවධානය යොමුකරන බව ද එම කවුන්සිලය සඳහන් කරයි.

මෙම සිරුරු ආදාහනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සළකා බැලීම සඳහා බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලයේ සහකා රමහ ලේකම් සාරා මොහොමඩ්ගේ ප්‍රධානත්‍වයෙන් බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික නියෝජිතායතන, නීතිඥයන්, විශේෂඥ වෛද්‍යවරු මෙන් ම ප්‍රජා නායකයන්ගෙන් ද ස්ථාපිත කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබෙන බව එම කවුන්සිලය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් සිරුරු ආදාහනය කිරීම සුළුතර පිරිසකගේ ආගමික නිදහස බරපතළ ලෙස උල්ලංඝනය වීමක් යැයි පෙන්වා දෙන එම කවුන්සිලය පවුලේ සාමාජිකයකුගේ දේහය නියමිත වේලාවට භූමදානය කිරීම සඳහා ප්‍රමාද කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් වන බව ද පවසයි.

ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය වහාම ආපසු හරවාගන්නා ලෙසත්, මුස්ලිම් හා ක්‍රිස්තියානි ප්‍රජාවන් වෙත මෙහි බලපෑම ඉස්මතු කරන ලෙසත් ඉල්ලා එම කවුන්සිලයේ කාර්ය සාධක බළකාය විදේශ ලේකම් වෙතත් ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෙතත් ලිපි යවා තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!