කොරෝනා එන්නත ශ්‍රී ලංකාවට නොමිළයේ ලැබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ බව තහවුරු කළ බවත් වසංගත රෝග ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.
මෙය ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 20%කට ලැබෙන බව ද විශේෂඥ වෛද්‍ය සමරවීර කීවේය. පරිත්‍යාගයක් ලෙස ලැබෙන මෙම එන්නත මෙරට හඳුනාගත් පිරිසකට ලබාදීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලේඛන අනුව පැහැදිලි වන්නේ මෙවැනි වසංගතයක් සඳහා එන්නතක් හඳුන්වාදීමේ දී එය ලොව රටවල්වල ජනගහණයෙන් 20% ක් සඳහා නොමිළයේ ලැබෙයි. මෙය ශ්‍රී ලංකාවට පමණක් ලැබෙන වරප්‍රාසාදයක් නොවන බව ඒ අනුව පැහැදිලි වෙයි.
බංග්ලාදේශය, මාලදිවයින ආදී අනෙකුත් රටවල ද ජනගහණයෙන් 20% ප්‍රමාණයකට මෙම එන්නත ලැබෙන අතර එම රටවල අනෙකුත් පුද්ගලයන් සඳහා ද එන්නත ලබාදීම සඳහා අවශ්‍ය මිලදීගැනීම්වලට මේ වනවිටත් කටයුතු කරමින් සිටියි.