-4.8 C
New York

නෝර්වේ නායයාමෙන් 10ක් අතුරුදන්

Published:

නෝර්වේ ඔස්ලෝ නගරය ආසන්නයේ පිහිටි ආස්ක් ගම්මානයේ කඳුකර ප්‍රදේශයක සිදුවූ නාය යෑමකින් 10දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

අධික හිම පතනය හේතුවෙන් නායයෑම සිදුවී ඇතැයි බලධාරීහු පවසති.

අතුරුදන් වූවන් සොයාගැනීම සඳහා ස්වීඩ්න් ස්වෙච්ඡා සේවකයින් සහ හෙලිකොප්ටර් ද යොදවා ඇති නමුත් මෙතෙක් ඔවුන් සම්බන්දව හෝඩුවාවක් හෝ ලැබී නොමැත. 

අයහපත් කාළගුණය හේතුවෙන් මේ වනවිට ප්‍රදේශයේ 100ක පමණ පිරිසක් සුරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති අතර තවත් බොහෝ පිරිසක් ඉවත් කරමින් පවතී.

හිම කඳු කඩා වැටීම හේතුවෙන් නිවාස 10ක් පමණ විනාශ වී ඇත.

අධික ශීතල සහ හිම පතනය හේතුවෙන් මුදවා ගැනීමේ සේවකයන්ට කටයුතු කිරීම අසීරු වී ඇතැයි සඳහන් වේ.

මෙය නෝර්වේ හි මෑත කාලය තුළ සිදුවූ දරුණුම නායයෑමක් ලෙස හඳුන්වා ඇති අතර එම ප්‍රදේශය දැඩි අවදානම් ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ බව බලධාරීහු පවසති.

https://www.bbc.com/news/world-europe-55506734

Related articles

Recent articles

spot_img