spot_img
spot_imgspot_img

කොළඹ මහ නගර සභාව ඩිජිටල් වෙයි

පුවත්

විදෙස්

කොළඹ මහ නගර සභාවේ සියලුම පරිපාලන කටයුතු එහි නිලධාරීන්ට නිවසේ සිට කළ හැකි පරිදි ඩිජිටල් තාක්ෂණයට අනුගත කිරීමේ ක්‍රියාවලිය 2021 නව වසරේ දී ආරම්භ කළ බව නගරාධිපතිනී රෝසි සේනානායක කීවාය.

ජනවාරි 01 වැනි දා නගර සභාවේ රාජකාරී ආරම්භ කරමින් නගරාධිපතිනියගේ සුරතින් ප්‍රථම වරට සියලු ලේඛන ඩිජිටල් අත්සන් යොදා ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙල ආරම්භ කර තිබේ.

එ් පිළිබඳ අදහස් දැක්වූ නරාධිපතිනිය මෙසේ ද කීවයා.

“කොරෝනා වසංගත තත්වය හමුවේ කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය කණ්ඩායම ඇතුළු සමස්ත දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු සියලුම නිලධාරීන් කොළඹ නගරයේ ජනතාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා. නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් නිවසේ සිට අවශ්‍ය  සේවාවන් ජනතාවට ලබාදීමට පහසුකම් සැළසුවා වගේම කොළඹ මහ නගර සභාවේ බොහෝ රාජකාරි කටයුතු නවීන තාක්ෂණය හරහා  සිදු කිරීමට කටයුතු කලා. එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් අපි සියලුම රාජකාරී ලේඛන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුකිරිමත් ඒ සඳහා ඩිජිටල් ක්‍රමයට අත්සන් යෙදීමත් ආරම්භ කරනවා.”

මේ සඳහා ලංකා ක්ලියර් පුද්ගලික සමාගම විසින් මෙහෙයවනු ලබන ( lankasing ) ආයතනය අවශ්‍ය පහසුකම් සපයා ඇත.

රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන ඇතුළු සියලුම ආයතනයන්හි සේවා සැපයීමේ කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය සහ ආරක්ෂාව ඉහළ නැංවීමට හැකියාව ලැබීම, කොරෝනා  වසංගත තත්වය හමුවේ නිවසේ සිට රාජකාරි කටයුතු සිදු කිරීමට හැකි වීම පහසුවක් බව නගරාධිපතිනිය පවසයි.

පළමු අදියර යටතේ කොළඹ මහ නගර සභාවේ මම ඇතුළුව නාගරික කොමසාරිස්වරුන් සියලුම නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරුන්, සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අධ්‍යක්ෂකවරුන් හට මෙම පහසුකම් ලබාදීමට කටයුතු කර තිබේ. දෙවන අදියර ලෙස කොළඹ මහ නගර සභාවේ අත්සන් කිරීමට බලය ලබා දී ඇති සියලුම නිලධාරීන් සදහා මෙම ඉලෙක්ට්‍රොනික අත්සන භාවිතා කිරීමේ පහසුකම ලබාදීමට කටයුතු අපේක්ෂිතය.  

මේ අනුව ඉලෙක්ට්‍රොනික් අත්සන කොළඹ මහ නගර සභාව තුළ නිල තොරතුරු හුවමාරු කිරීම සඳහා යොදා ගන්නා ලිපි සඳහා මෙන්ම කොළඹ මහනගර සභාව බාහිර ආයතන සමඟ සිදුකරන නිල ලිපි ගනුදෙනු සඳහා යොදාගැනීමට ද කටයුතු කිරීම විශේෂත්වයකි.  ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට අත්සන් තබන ලිපි හුවමාරු කර ගැනීම දැනට කොළඹ මහ නගර සභාව තුළ භාවිතා කරනු ලබන colombo MC gov.lk  යන වෙබ් නාමයෙන් සැකසූ නිල විද්‍යුත් ලිපිනය ඔස්සේ පමණක් භාවිතා කරන බව නගරාධිපතිනී රෝසී සේනානායක වැඩිදුරටත් පැවසුවාය.

එමෙන් ම ජනවාරි 01 දා සිට සියළුම ගෙවීම් කටයුතු බැංකුවට සිදු කල හැකි පරිදි කොළඹ මහ නගර සභාව කටයුතු සලසා ඇති අතර, එමඟින් නගර සභාවේ සැපයුම්කරුවන්හට නගර සභාව විසින් චෙක්පත් ලබා දීම වෙනුවට බැංකුව හරහා සියලුම ගෙවීම් සිදුවෙයි.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය නගරාධිපති එම්.ටී.එම් ඉක්බාල්, නාගරික කොමසාරිස් නීතිඥ රෝෂීණී දිසානායක , නාගරික ලේකම් ඩී.එම්.එස්.ඒ නිරෝෂන් ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් මන්ත්‍රීතුමියන්ලා මෙන්ම සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!