ශිෂ්‍යත්වයට විභාග ප්‍රවේශපත්‍රයක් හඳුන්වාදෙයි

0
41

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ සියලු විභාග අපේක්ෂකයින් සඳහා ප්‍රථමවරට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.

මේ වනවිටත් එම විභාග ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙත යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම විභාග ප්‍රවේශ පත්‍රයෙහි විභාග අංකය සහ අයදුම්කරු විභාගයට පෙනී සිටිය යුතු විභාග මධ්‍යස්ථානය ද සඳහන් කර ඇත. 

එමෙන් ම මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සිට සියලු ම විභාග අපේක්ෂකයින් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අනුමත කරන ලද ජාතික ශිෂ්‍ය අනන්‍යතාව ද දක්වා තිබේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 11 වැනි ඉරිදා පැවැත්වීමට නියමිතය.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2936ක දී එදින ශිෂ්‍යත්ව  විභාගය පැවැත්වීමට නියමිත ව ඇති අතර, සිසුන් 331,694 දෙනෙක් විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත ය. 

මේ අතර සිංහල මාධ්‍ය අයදුම්කරුවන් 248,072ක් ද දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් 83,622ක් ද සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here