-4.8 C
New York

ෆයිසර් එන්නතට ‍WHO අනුමැතිය

Published:

සංවර්ධනය වෙමින් පවතින රටවල හදිසි භාවිතය සඳහා ෆයිසර් සහ බයෝන්ටෙක් සමාගම්වල කොරෝනා  එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර තිබේ.

එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉදිරිපත් කර ඇති සමාලෝචනයේ දැක්වෙන්නේ මෙම එන්නත, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සම්බන්දව තිබිය යුතු නිර්ණායක සපුරා ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඖෂධ වැඩසටහන් ප්‍රධානී මාරියන්ගෙලා සිමාවෝ පවසන්නේ කොවිඩ් මර්ධනයේ ගෝලීය ප්‍රවේශය සඳහා මෙය ධනාත්මක පියවරක් වනු ඇති බවයි.

කෙසේ වුවද මෙම එන්නත සෙල්සියස් අංශක සෘන 70ක තබාගැනීමේ අවශ්‍යතා වැනි සාධක බටහිර රටවලට ද අභියෝගයක් වී ඇති අතර ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති සංවර්ධනය වෙමින් පවතින රටවලට විශාල බාධා ඇති කළ හැකි බව විචාරකයෝ පවසති.

එහෙත් මෙම එන්නත සඳහා ඇමරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව ඇතුළු ලෝකයේ රටවල් 12ක පමණ අනුමැතිය හිමිවී තිබේ.

මාත්‍රා දෙකකින් සමන්විත මෙම එන්නතේ දෙවන මාත්‍රාව දින 21ක් තුළ ලබාගත යුතු අතර කොරෝනා රෝගයෙන් 95%ක ආරක්ෂාවක් ලැබෙන බව සඳහන් වේ.

Related articles

Recent articles

spot_img