-0.1 C
New York

මරණ ගණන 208 දක්වා ඉහළට

Published:

කොරෝනා වසංගතය හේතුවෙන් සිදුවූ මරණ 04ක තොරතුරු අද (01) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 208ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද නිකුත් කරන ලද මරණ පිළිබඳ විස්තර පහත දැක්වේ.

  1. අලියාඩිවෙම්බු ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වැලිකන්ද මූලික රෝහලේ සිට ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරු කර යවා ඇති අතර එහි දී අද (01) මියගියේය. මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.
  2. කොළඹ 14 පදිංචි වයස අවුරුදු 91ක කාන්තාවක් ජාතික  බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (01) මියගියාය. ඇයගේ මරණය සිදුව ඇත්තේ ලේ විෂවීම හා කොරෝනා නියුමෝනියා තත්ත්වය හේතුවෙනි
  3. අගලවත්ත පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කළුතර මහ රෝහලේ සිට හෝමාගම රෝහලට මාරු කර යවා සිටිය දී ඊයේ (31) මියගියේය. මරණයට ‍හේතුව අක්මාව අක්‍රිය වීම හා කොරෝනා නිව්මෝනියාවයි.
  4. දර්ගා නගරයයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් 2020 දෙසැම්බර් 29 වැනි දින කළුතර මහ රෝහලට අතුළත් කරන විටත් මියගොස් සිටියේය. ඔහු‍ කොරෝනා ආසාදනය සමඟ ලේ විෂ වීමෙන් හා හෘදයාබාධයකින් මියගිය බව සඳහන් වේ.

Related articles

Recent articles

spot_img