-0.1 C
New York

පොලිස්පති පොලිස් මාරු කල් දමද්දී. කොට්ඨාස කිහිපයක මාරුවීම්

Published:

කොරෝනා වසංගත අවදානම තවමත් රටපුරා පවතින බැවින් පොලිසියේ 2021 වසර සඳහා වන වාර්ෂික ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම මාර්තු මස 15 වැනි දින දක්වා කල්තබන බව පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇතත්  අධ්‍යක්ෂවරුන් යටතේ ක්‍රියාත්මකවන සමහර පොලිස් කෙට්ඨාසයන්හි නිලධාරීන්ට ජනවාරි  01 වැනිදා සිට අභ්‍යන්තර  ස්ථාන මාරුවීම් නියෝග ලැබී ඇතැයි පොලිස් නිලධාරීහු පවසති.

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ අස්සනින් පසුගිය 24 වනිදා නිකුත් කෙරුණු පණිවිඩය අනුව සියලුම පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල්දමා ඇත. එසේ තිබියදී මේ ආකාරයෙන් පොලිස් නිලධාරීන් පිරිසකට පමණක් ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම් නිසා බස්නාහිර පළාතේ සේවය කරමින් සිටින නිලධාරීන්ට මහත් ගැටලුවකට මුහුණ පෑමට සිදුවී ඇත.

කෝවිඩ් වසංගතයට බරපතල ලෙස මුහුණ දුන් බස්නාහිර පළාතේ නිලධාරීන් මේ අවස්ථාවේ දිවයිනේ වෙනත් පළාත්වලට මාරුකර තිබීම කොරෝනා පැතිරීමේ තර්ජනයක් විය හැකි බව ද එම පෙදෙස්වල සේවයේ නිරත නිලධාරීහු සදහන් කරති.

මේ පිළිබඳ විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්ත ද එය සාර්ථක වූයේ නැත.

Related articles

Recent articles

spot_img